*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අවාසන මොහොත්දී මිගමුව වෙරළ ඇසේ සඳුන් අංජන දිය වෙයි
කාන්තා අංශයේ ඔක්කොම ලංකාවට

නිදහස හිමි ව 75 වසක් ගතවෙන තැන ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනය සංවිධානය කරන්නට යෙදුණ නිදහස් කුසලාන මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ පිරිමි සූරතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවමින් සිටි අලුත් බලාපොරොත්තුව අංජන සංදීපන් සහ සඳුන් මධුශාන් ඉරානයේ ශිනා සොකලි සහ මොජබා අරෝ අතින් පරාජයට පත් විය.මූලික වටයේ දී මෙම කණ්ඩායම් දෙක හමු වූ විට ප්‍රතිපලය වූයේ විනාඩි 52 ක තරගයකදී අංජනට සහ සඳුන් ජය හිමි වීමය.එහි තරග වටයක් 31 – 29 ක් දක්වා දිගු එකක් ද විය.නමුත් අවසාන තරගයක මානසිකත්වයට තවමත් දුරැති අංජන සහ සඳුන්ව සිය අත්දැකීම්වලින් ග්‍රහණය කර ගත් සොකලි සහ මොජබා අවසාන තරගය 21 – 12 ක් සහ 21 – 16 ක් ලෙස ජය ගත්තේය.නමුත් වැඩි ජාත්‍යන්තර තරග අත්දැකීම් සමඟ ජයග්‍රහණයට අවශ්‍යය සංයමය ගැන,ශක්තිය සහ දරා ගනිමින් අත් නොහැර සටන් කිරිමේ හැකියාව අංජන සහ සඳුන්ට ඇ.ි බව ඉතාමත් හොඳින් පැහැදිළිය.දැන් වගකීම ඇත්තේ ඔවුන් රටට පලදායි ජයග්‍රහණ කෙරෙහි මෙහෙයවන්නට වොලිබෝල් පරිපාලනයට ය.

එසේම අවසාන පූර්ව තරගයේදී ඉන්දික ටිරෝන්ගේ ආබාධය නිසා තරගයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාවේ ඉන්දික සහ අශේන් රශ්මිකගේ කණ්ඩායමට තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ද තරග වඳින්නට ශක්තියක් නොවිණ.ඒ අනුව තරගාවලියේ තෙවන ස්ථානය ද හිමි වූයේ ඉරානයට ය.ඉරානයේ මහදි මෆවුසි සහ අලි ගොර්බාන්පසන්දි ඒ අවස්ථාව තරගයකින් තොරවම උදා කර ගත්තේය.

කාන්තා අංශයේදි ශ්‍රී ලංකාවේ දස්කම් කැපී පෙණිනි.අපරාජිතය කුසලානය සියතට ගන්නට ශ්‍රී ලංකාවේ අංක එක කණ්ඩායමේ දිනේෂා ප්‍රසාදිනි සහ දීපිකා බණ්ඩාර සමත් විය.අනු සූරතාවය හිමි වූයේ ශ්‍රී ලංකා අංක තුන කණ්ඩායම වූ ෂෙහානි අසංගා ට සහ නිර්මාණි සුලෝචනා ට ය.අවසන් තරගයේ දී ඔවුන්ගේ ලකුණු තත්ත්වය දැක් වුණේ 21 – 15 සහ 21 – 10 ක් ලෙස ය.තරග වට 2-0 ක් ලෙස දිනේෂා සහ දීපිකා ජයග්‍රහණයට සමීප වෙද්දී තෙවන ස්ථානය සඳහා වූ තරගයේ දී එම ස්ථානය රැක ගන්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදුණේ චතුරිකා වීරසිංහ සහ හෂින් මල්ෂා ය.ඔවුන් දෙදෙනා විසින් මාල දිවයින නියේජනය කළ අමිනාත් රුදයිනා සහ හව්වා නසීමාගේ කණ්ඩායම ලකුණු 21 – 04 සහ 31 -09 ක් ලෙස පරාජය කරමින්ය කාන්තා අංශයේ පළමු,දෙවන සහ තෙවන ස්ථානයන් ශ්‍රී ලංකාවේ අයිතියට පවරා ගන්නට උර දුන්නේය.

තරගාවලියේ අවසාන තරගය සඳහා ශ්‍රී ලංකාව විසින් නම් කරන ලද කාන්තා සහ පිරිමි කණ්ඩායම් තුන අතරින් දෙඅංශයෙන්ම කාන්තා සහ පිරිමි අංක තුන කණ්ඩායම් අවසාන තරගය දක්වා පැමිණීම වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ සතුටුදායක ප්‍රගතියකි.තරග අත්දැකීම් ලබා දීමේදි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම්වලට ද ඒ අවස්ථා උදා කර දෙමින් රට වට ඇති වෙරළ සම්පතක් කරගෙන නැඟෙන්නට වොලිබෝල් බලධාරීන් අවධානය යොමු කර යුතුය.වෙරළක් අහිමි රටවල් ඒ පරිසරය නිර්මාණය කර තරග ජය ගැනීම ගැන උදාහරණ පැවසුණ ද,එතරම් වියදමක් දරන්නට රට වට වෙරළ ඇති ශ්‍රී ලංකාවට අනවැසිය.

විශේෂයෙන් මූලස්ථානය පිහිට ගාල්ල ආසන්නයේ ද මුහුදය.එසේම සංචාරක කර්මාන්තයේ වැදගත් තැනක් වන ගාලු වෙරළ තිරය රටට සංචාරකයන් ආකර්ශණය කර ගන්නට ද වැදගත් අංගයක් ලෙස තරගකාරී වෙරළ වොලිබෝල් යොදා ගන්නට හැකියාව ඇත.නමුත් වෙරළක් නැති නුවරඑළියේ ද වෙරළ වොලිබෝලයට සුදුසු බිමක් සකසා ජාතික කණ්ඩායම්වලට පුහුණුව සඳහා අවස්ථාවක් ලබා දිම වැදගත්ය.එසේම සංස්කෘතිමය සීමාවන්වල සිර නොවී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත ඇඳුම කරා ප්‍රවේශ වීම ද වැදගත්ය.බොහෝ දේ වල ප්‍රගතියක් දකින්නට මඟ අහුරන සංස්කෘතික බිල්ලා පසෙක තබා ලෝකය ජයගත හැකි මඟ සොයා යන්නට ඒ පෙණුමෙන් සන්නද්ධවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිය සිතුවිලි සකස් කර ගත හැකිනම් මධ්‍යම ආසියාවේ පමණක් නොව ඊට වඩා පුළුල් විසිරි තරගාවලියකදි වුව මේ ආකාරයෙන්ම පෙළ ගැසෙන්නට ලාංකේය ක්‍රිඩිකාවන්ට අවස්ථාව උදාකර ගත හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan