චම්පිකගේ පෙත්සම මාර්තු 29 ට කල් යයි

Date:

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවීමේ නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනුකර ඇති පෙත්සම අද කැඳවා තිබිණි. ඒ, මේනකා විජේසුන්දර, එස්. කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.

අදාල පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද යන්න ලබන මාර්තු 29 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පවසමින් පෙත්සම කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

පෙත්සම කැඳවා තිබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ අදාල රිය අනතුරට අදාලව සිදුකළ විමර්ශනවලදී පෙත්සම්කාර චම්පික රණවක මහතා විසින් විමර්ශන නොමග යැවීමට උත්සාහ කළ ආකාරය පිළිබඳ සාක්ෂි රැසක් අනාවරණය වී ඇති බවයි.

මෙම රිය අනතුරට අදාලව මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව කල්දමා ගැනීම සඳහා පෙත්සම්කරු චේතනාන්විතව කටයුතු කරන බව පෙන්වා දුන් දීලිප පීරිස් මහතා ප්‍රකාශ කළේ නඩු විභාගය අත්හිටුවීමේ නිය‌ෝගයක් නිකුත් කිරිමට විරෝධය පළ කරන බවයි.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා පෙත්සමට අදාල ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කළේය.

පෙත්සම්කාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ මහාධිකරණ නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතා ගොනුකළ නමුත් ඒය ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කළ බවයි. මහාධිකරණ විනිසුරවයාගේ මෙම තීරණය නීතියට පටහැනි බැවින් මහාධිකරණ නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥයන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිප්ත කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙතේසම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න මීළග දිනයේදී තීරණය කරන බව පවසමින් පෙත්සම සලකා බැලීම මාර්තු 29 වැනිදා දක්වා කල් තැබීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...