*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මල්වානේ නඩුව: මුදිත ජයකොඩි නොහොත් ඉතිහාසයේ හොඳම ‘ජෝකර්’

දේශපාලන වාසි ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ද ගාවා ගනිමින් ජාතික වැදගත් කමකින් යුක්ත නඩු දිය කර හැරීමේ රැල්ලක් මේ වන විට දක්නට ලැබෙන අතර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදහස් වීමෙන් ප්‍රකට වන මෙම ප්‍රවණතාවයේ ඊළඟ සන්ධිස්ථානය බවට පත් වනු ඇත්තේ මල්වානේ නඩුවයි.

HC/27/17 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය එ. බැසිල් රෝහණ රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් නමැති මහාධිකරණ නඩුව ප්‍රකට වී තිබෙන්නේ ‘බැසිල්ගේ මල්වාන නිවස ගැන නඩුව ‘ ලෙස ය. මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් විසින් රු. මිලියන 100 කට ආසන්න මුදලක් යොදවමින් දොඩම්පේ මල්වාන මාපිටිගම ගඟබඩ පාරේ පිහිටි අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසාල නිවසක් සහ නාන තටාකයක් ඉදිකර සත්ව ගොවිපොළක් පවත්වගෙන යමින් සිදුකළ බව කියන මහජන මුදල් අයථා ලෙස යෙදවීමට අදාළව CR5/14/2016 නීතිපති අංකයෙන් යුතුව එය ගම්පහ මහාධිකරණයේ විභාග වේ.

2022 ජනවාරි 7 වැනිදා මෙම නඩුව කැඳවූයේ මුදිත ජයකොඩිගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම සඳහා ය. එහිදී විත්තිකාර තිරුකුමාර් නඩේසන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා, මුදිත ජයකොඩිගෙන් හරස් ප්‍රශ්න විමසූ විට ඔහු පළ කළ අදහස්, ලෝක විහිළුවක් හෙළිදරව් වීමකි.

ලෝක විහිළුවක් වූ ලියමන

මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් විසින් බැසිල්ගේ බව කියන මල්වාන නිවස ඉදිකර තිබෙන්නේ අවම වශයෙන් රුපියල් මිලියන 100 ක්වත් යොදවමිනි. ඔහුගේ බැංකු ගිණුමේ තිබූ මුදල්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පැකිළීමකින් තොරව ලබා දී තිබේ.  

මෙම ඉඩම මිලදී ගැනීම සහ සංවර්ධනය කිරීම සඳහා මුදල් ‘වෙනත් පුද්ගලයෙකු විසින්’ තමන්ට ලබාදී තිබූ බවත්, ඒ අනුව එම මුදල් සඳහා ගෙවූ ජාතිය ගොඩනැගීමේ ආදායම්  බද්ද තමන්ට නැවත ලබාගත යුතු බවත් පවසමින් මුදිත ජයකොඩි විසින් බදු කොමසාරිස්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබිණි. ලිපිය යවා තිබෙන්නේ 2015.07.25 දින ය. එයින් හෙළිදරව් වන පරිදි, 2015 ජූනි 05 වන දිනැති ”විගණනයෙන් පසු මාගේ ආදායම’ යන ශීර්ෂය යටතේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ඔහු විසින් ලිපියක් එවා ඇති අතර, අනතුරුව 2016.04.22 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ද ලබා දී ඇත.

මේ ලිපියට අනුව, මල්වාන නිවස ඉදිකිරීම සඳහා මුදිත ජයකොඩි විසින් පහත මුදල් ප්‍රමාණ අනුයාත වර්ෂ 3 කදී (2012-2015) යොදවා ඇත.

2012/2013       –           රු. 2,500,000/-

2013-2014       –           රු. 26,972,975/-

2014-2015       –           රු. 74,655,199/-

දැන් මුදිත ජයකොඩි කියන්නේ ඒ මුදල් තමාගේ නොවන බව ය. එනිසා තමන් ඒ වෙනුවෙන් ගෙවූ ආදායම් බදු ආපසු තමන්ට ගෙවන ලෙසට ය.

ඒ අනුව ඒ ඒ තක්සේරු වර්ෂයන් සඳහා මා විසින් ප්‍රකාශ කරන ලද, ඉහත දක්වන ලද මුදල්, කිසිසේත්ම මාගේ හෝ මාගේ සමාගමට හෝ අයත් මුදල්‌ නොවන බව මා ප්‍රකාශ කරන අතර, ඉහත කී දේපළ මිලට ගැනීම සඳාහ එහි නිවාසයක් තැනීම සඳහා වන වියදම් වෙනුවෙන්, අදාළ පාර්ශවයන්ට කරන ගෙවීම් මා ලවා කරවීම සඳහා, ඉහත සඳහන් කළ බාහිර පුද්ගලයා විසින් ඔහුගේ උවමනාව මත මා හට භාර දුන් මුදලක් බවත් මම ප්‍රකාශ කරමි. යැයි එහි සඳහන් වේ.

පහත දැක්වෙන්නේ එම ලිපියේ පළමු පිටුවයි.

ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා, මුදිත ජයකොඩි විසින් තමන් ගෙවූ ආදායම් බදු ආපසු ලබාගැනීම සඳහා අයදුම් කළ ලේඛන පිළිබඳව නඩුවේදී ඪ. ලියමනේ විස්තරය ඔහුගේ නිරුවත හෙළි කරමින් කරළියට එන්නේ එතැන් පටන් ය.

මෙම මුදල් සම්බන්ධයෙන් FCID හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මුදිත ජයකොඩි අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ ලබා දී තිබේ. ඒවා සත්‍ය බවට අත්සන් ද කර තිබේ. නමුත් ඔහු ගරු අධිකරණයේදී පවසන්නේ තමන් FCIDයට ඇත්ත මෙන්ම බොරු ද කියා ඇති බව ය.

තමන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ද බොරු කියූ බවත් අසත්‍ය ලේඛන ඉදිරිපත් කළ බවත්  මුදිත ජයකොඩි කිසිදු ලැජ්ජාවකින් තොරව පිළිගනියි. ඔහුට යම් හෙයකින් වෙනත් පුද්ගලයෙක් මේ ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදුන්නා නම්, එය ඔහු අධිකරණය ඉදිරියේ හෙළි කළ යුතුව තිබේ. නමුත් කිසිදු අවස්ථාවක එය හෙළි නොකිරීමට ඔහු පරිස්සම් වෙයි. අනෙක් අතට, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවා ඇති ලිපියෙන් පෙනී යන්නේ, තමන් මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇති බවට මුදිත ජයකොඩි විසින්ම කරන ප්‍රකාශයකි.

නැවත නැවතත් තහවුරු වන සාක්ෂිවලින් පෙනී යන්නේ රු. මිලියන 100 කට අධික මුදලක් යොදවා බැසිල්ගේ මල්වානේ නිවස තැනීම, මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් හි ව්‍යාපෘතියක් බව ය. දැන් මුදිත ජයකොඩි, මෙම නඩුවේ star witness හෙවත් මෙම අපරාධ නඩුවේ  ප්‍රධාන සහ තීරණාත්මක සාක්ෂි සපයන්නා වශයෙන් ඉතා භයානක ජෝක් එකක් කරමින් සිටියි. මෙය ඉතිහාසයේ ලොකුම විහිළුව බවට ද පත්වීමට ඉඩ ඇත. ඔහු පැහැදිලිවම කරන්නේ නඩුවේ ගරු අධිකරණයේ වටිනා කාලය කා දැමීමකි. මෙවැනි ජෝකර් කෙනෙකු අධිකරණයේදී ඇත්ත කියාවි කියා ඔබ විශ්වාස කරනවාද..?

මුදිත ජයකොඩි පළ කළ අදහස්වලට අනුව ඔහු 1989 වසරේ පටන්ම බදු මුදල් ගෙවන්නෙකි. ‘’මම වෙන අය වගේ නෙවෙයි ස්වාමීනී, වෙලාවට නිවැරදිව බදු මුදල් ගෙවනවා’’ යැයි ද ඔහු අන් තැනකදී කියයි. එසේ කියන මුදිත ජයකොඩි, එකවරම නින්දෙන් නැගිට්ටා සේ, තමන්ගේ නොවන ආදායම්වලට තමන් බදු ගෙවා ඇති බවත්, ඒ නිසා එම බදු ගෙවීම් සමාලෝචනය කරන ලෙසත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි!

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හරි නම්, තමන් වෙත අසත්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් දැන් මේ ජෝකර්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට යා යුතු වේ.

මුදිත ජයකොඩි වැනි අවිශ්වාසනීය සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි මත නඩුව ගෙන යාමේ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය ද නුදුරු අනාගතයේදී අප කොයි කාටත් දැක බලා ගත හැකි වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan