තවත් භයානක කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව WHO ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීම්

කොවිඩ් වසංගත තත්ත්වය තවමත් අවසන් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. ඉදිරියේදී ඉතා භයානක තවත් කොවිඩ් ප්‍රභේදයක් මතුවීමේ ඉඩක් පවතින බවයි ඔහු අනතුරු අඟවමින් කියා සිටින්නේ.

වසංගතයෙන් බේරී සිටීම සඳහා දැනට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බවත්, ඒ නිසා හැකි ඉක්මනින් සියලු රටවල බහුතර ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් සැළකිය යුතු රටවල් ප්‍රමාණයක එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල තවමත් එන්නත්කරණ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇති අතර ඇතැම් රටවල ජනතාවගෙන් තුනෙන් එකක් හෝ පූර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති බව WHO ප්‍රධානියා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...