*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මේ උත්සාහය පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු සදාකල්ම වල දැමීමටද – සමගි ජන බලවේගය

පාස්කු ප්‍රහාරයට අදාල සියලු දෙනාම නීතිය හමුවට ගෙනගොස් නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව දිගින් දිගටම පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම හරහා පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු සදාකල්ම වල දැමීමට උත්සාහ කරන්නේද යන සැකය මතුවන බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ මහ ලේකම්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ මාධ්‍ය නිවේනය

පාස්කු දින ප්‍රහාරය පිළිබඳව වූ පරික්ෂණ, ආණ්ඩුව යළිත් වෙනතකට යොමු කිරීමට දරන උත්සාහයක් පසුගියදා කුලියාපිටිය අධිකරණයට ගොනු කළ වාර්තාවක් තුලින් ඉස්මතු වේ.

එම වාර්තාවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම තුළින්ද පැහැදිලි වන්නේ එයයි.

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ පිළිබඳව ශානි අබේසේකර මහතා අදාළ පෙත්සමෙන් ඉදිරිපත් කොට ඇති කරුණු විමසන විට ආණ්ඩුව සත්‍ය යටපත් කොට සුපුරුදු පරිදි අසත්‍ය සමාජගත කිරිමට සැරසෙන බව පෙනේ.

මෙම වාර්තාව, නීතිය හා සාමය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් පදනම් කරගෙන යොමුකළ නිර්නාමික වාර්තාවක් බව ශානි අබේසේකර මහතා පෙන්වා දී ඇත. එම පෙත්සමෙන් අබේසේකර මහතා පෙන්වා දී ඇති කරුණු අතිශය වැදගත් වේ.

තම පරීක්ෂණ සඳහා බුද්ධි අංශ නිළධාරින් සහාය නොදීම, හිතාමතාම අවහිර කිරීම සහ පරීක්ෂණ නතර කිරීමට කළ බලපෑම් පිළිබඳව සවිස්තරාතමක කරුණු හෙළිකොට තිබේ.

අති උතුම් කාදිනල් හිමිපාණන්ද පවසන්නේ ආණ්ඩුව හිතාමතාම මේ පිළිබඳ සැබෑ තොරතුරු වසන් කරමින් කටයුතු කරන බවයි. අද වනවිට ආණ්ඩුව පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවද විශ්වාස කල නොහැකි බව කාදිනල් හිමිපාණෝ පවසා තිබේ.

සැබෑ චූදිතයින් හෙලිදරව් වීම ආණ්ඩුව අපෙක්ෂා නොකරන බව පැහැදිලිය. එය ආණ්ඩුවට අහිතකර බලපැමක් බව මේ වනවිට පැහැදිලි වී තිබේ.

අබේසේකර මහතාගේ පෙත්සමට අනුව ජාතික බුද්ධි සේවයේ හා හමුදා බුද්ධි සේවයේ ඇතැම් සාමාජිකයින් සහ සහරාන්ගේ සාමාජිකයන්ගේ සබඳතාවන් ගැනද කරුණු හෙලිදරව් කොට තිබේ. සහරාන් අත්අඩංගුවට ගැනීමට සහාය නොදී ඇතැම් අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් නොමග යැවු බවද හෙලි කොට තිබේ.

මේ මොහොතේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීමට නිසි විමර්ශන කළ හා ඒ පිළිබඳ තොරතුරු තිබූ ශානි අබේසේකර ඇතුලු නිළධාරින්ට විරුද්ධව අනීතික ලෙස නීතිය ක්‍රියාත්මක කිරිමට උත්සාහ දරණුයේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳව සත්‍ය තොරතුරු සදාකල් වල දැමීමටද යන්න අප ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමු.

එමෙන්ම මේ මොහොතේ ශානි අබේසේකර මහතා ඇතුලු නිළධාරීන්ට එල්ල වී ඇති ආරක්ෂාව පිළිබඳ ගැටලුව දැඩි ලෙස අවධානය යොමුකරන අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට ආණ්ඩුව වගකිව යුතු බවද අවධාරණය කරමු.

එමෙන්ම රටේ වැදගත් මෙහෙවරක නියලෙන රාජ්‍ය බුද්ධි අංශයේ සහ යුද හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ගේ ගරුත්වය ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් තුලින් විනාශ වූවාද යන්න නිසි පරික්ෂණයක් තුලින් විමසීමද ආණ්ඩුවේ වගකීමයි.

රංජිත් මද්දුමබණ්ඩාර
මහ ලේකම්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan