Home පුවත් මහබාගේ වෙඩි තැබීමක්. එක් පුද්ගලයෙක් මරුට !

මහබාගේ වෙඩි තැබීමක්. එක් පුද්ගලයෙක් මරුට !

මහබාගේ පොලිස් වසමේ ඇල්පිටිවල හංදිය ආසන්නයේ වෙළඳසැලක් තුළ අද (21) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇති අතර එහිදී වෙඩිවැදුණු පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නමැති 39 හැවිරිදි අයෙකි.

අද උදෑසන 07.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

RN