නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ එක්ව නව රජයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනීමට හැකියාවක් නොලැබුණු වපසරියක, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ නව රජයක් පිහිටුවීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉම්රාන් ඛාන්ට පක්ෂපාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්ද හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ආසන 75ක් හා බිලාවල් භූතෝ ආසන 54ක් දිනා ගැනීමට සමත්වූ අතර, කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැතිවීම හේතුවෙන් සභාග රජයක් පිහිටුවීමට සිදුවන අතර ඒ සඳහා ෂරීෆ් හා භූතෝ පක්ෂ එකඟතාවයකට එළඹ තිබෙන බව සඳහන් වේ.

කෙසේ වුවද ඔවුන් රජයක් පිහිටුවන බව නිවේදනය කළ පසු හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ෂරීෆ් / භූතෝ සභාගය ජනමතය සොරා කෑ දූෂිත කණ්ඩායම් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...