ප්‍රාථමික රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): අද (21) දින දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් රෝහල්වලින් ලබාදෙන ප්‍රාථමික රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන එම රොහල්වල වත්මන් තත්ත්වය සොයා බැලීම සදහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විශේෂ නිරික්ෂණයක නිරත විය.

බෙන්තොට, ඉදුරුව යන ප්‍රාදේශිය රෝහල් සහ බද්දෙගම දිස්ත්‍රික් රෝහල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය. එම රෝහල්වල බාහිර රෝගී අංශ, වාට්ටු, සායන, රසායනාගාර කටයුතු පිළිබදව සොයා බැලූ අමාත්‍යවරයා එක් එක් රෝහල්වල ප්‍රගතිය සොයාබැලීමේ සහ රෝහල් කාර්ය මණ්ඩලවල අදහස් ලබාගැනීමේ සාකච්ඡා සදහා ද එක්වූ බව සඳහන් වේ.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අද දින දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය රෝහල් රැසක් නිරීක්ෂණය කිරමට පියවර ගනු ලැබු බවත්,  එම රෝහල්වල වත්මන් තත්ත්වය පිළිබදව  සතුටු විය හැකි තත්ත්වයක් තිබෙන බව ද කියා සිටියේය.

මෙහිදී ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍ය උපකරණ ඇතුළුව මානව සම්පත හා භෞතික සම්පත් කෙරෙහි අවධානය යොමු කළ බවත්,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වර්ධනය කිරිම හා  ඒ හරහා තෘතීයික සත්කාර මධ්‍යස්ථානවලට ඇති පීඩනය අඩුකර ගැනිම බවත්,  වයස්ගත ජනතාවට වැඩි පහසුකම් සැපයිය හැකි ස්ථාන බවට මෙම රෝහල් තුල රැදවුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමටත්, ප්‍රධාන රෝහල්වල රෝගී තදබදව අවම කිරිම සදහා මෙම රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම පිළිබදව අවධානය යොමු කරනු ලැබූ බව ද පැවැසිය.

සෞඛ්‍ය වෘත්තීය සන්ධානය සමග පැවැති සාකච්ඡාවේ දී මුලික වශයෙන්ම ඔවුන්ගේ වෘත්තීය ගැටළු පිළිබදව අවධානය යොමු කරන බවත්. දෙපිරිසම එකතු වෙලා යෝජනා මාලාවක් මුදල් අමාත්‍යාංශයට ලබාදෙන බවත්,  ඒ වෙනුවෙන් මැදිහත්වීමක් ලබාදීමට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනු ලබන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...