වෙළඳ ඇමති වසන්තට හොර ඔප්පු චෝදනා – නඩුවේ ලිඛිත දේශනවලට දින දෙයි !

Date:

නැශනල් වර්කස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර බදු දීම තුළින් රුපියල් ලක්ෂ 36ක වංචාවක් සිදුකරන ලද බවට වත්මන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුව ගොනු කිරීමෙන් අනතුරුව මෙහි සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අධිකරණය විසින් අවස්ථා දෙකකදී පැහැදිලි නියෝග නිකුත් කර තිබුණත් පොලීසිය එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පවසන බවයි.

අධිකරණයට ගොනු කර ඇති බී වාර්තාවට අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට කට උත්තරයක් ලබා දෙමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට තමන් පත් වූ බව පවසා සිටිය ද කම්කරු දෙපාර්තමේන්තුව ලබා දී ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ, 2017 වර්ෂයේ සභාපති වශයෙන් සිටි මයුරා ධර්මවර්ධන ඇතුළු නිලධාරී මණ්ඩලය ම 2024 වර්ෂය දක්වාත් සිටින්නේය යන බව පෙන්වා දුන් නීතීඥවරුන් නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස හා උපසභාපති ලෙස පෙනී සිටිමින් හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ හා රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි යන පුද්ගලයින්ගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින අංක 166 සහ 206, 207 දරන බදු ඔප්පු මගින් බදු දීමට කටයුතු කර ඇතැයි පෙනී යන බවත් පෙන්වා දී ඇත.

ඒ අනුව ඇමතිවරයා ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ඇති බවයි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ.

කෙසේවෙතත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත්දැයි මහේස්ත්‍රාත්වරිය වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන් විමසා සිටියදී ඔවුන් පැවසුවේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බවකි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ලිඛිත දේශන ගොනුකිරීම සඳහා මාර්තු 07 වනදාට දින නියම කළ අතර එදින නඩුව යළි කැඳවීමට නියමිත ය.

“දූෂණ විරෝධී හඬ” සංවිධානයේ කැඳවුම්කරු වන්නේ ද වසන්ත සමරසිංහ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...