ස්ටාමා හෝ මැක්‍රොන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කිසිවක් කර නොමැති බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමා හා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට කිසිවක් කර නොමැති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණේ, එළඹෙන සතියේ ප්‍රංශ ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්රේන යුද්ධය නිමා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සමඟ සාකච්ජා කිරීමට ධවල මන්දිරියට පැමිණීමට නියමිත බව නිවේදනය කිරීමත් සමඟය.

2022 දී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළ දා සිට, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ අනෙකුත් මිත්‍ර රටවල් කියෙව් වෙත ආයුධ සහ වෙනත් ආධාර සපයා ඇත. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ ජපානය ඇතුළු රටවල් සමඟ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක 20,000 කට වඩා පනවා ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සෞදි අරාබියේදී රුසියානු ජනාධිපති පුටින් හමුවී මෙම යුද්ධය නිමා කිරීමට සාකච්ජා කිරීමට නියමිත බව නිවේදනය කිරීමත් සමඟ යුරෝපීය නායකයින් යුක්රේනය සම්බන්ධයෙන් පැරිසියේ අර්බුදකාරී සමුළුවක් පවත්වනු ලැබූ අතර එහිදී ස්ටාමා සඳහන් කර තිබුණේ, යුක්රේන භුමිය අරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය හමුදාව යෙදවීමට අපේක්ෂා කරන බවයි. කෙසේ නමුට්, යුරෝපීය නායකයින් රුසියාව සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ වන විට යුක්රේනයේ ප්‍රමුඛතම සම්පත් දායකයා වන එක්සත් ජනපදය සියලුම යුධ හා මුල්‍ය ලබා දීම කපාහැර ඇති අතර යුක්රේනයේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ට්‍රම්ප් නව ගනුදෙනුවකට යමින් ඇත. මෙම ඛනිජ සම්පත් ගනුදෙනුව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ට්‍රම්ප් ඔහුව දැඩිව විවේචනය කර ඇති අතර ඔහු මැතිවරණයක් නොපවත්වන ඒකාධිපතියකු බවත්, ඔහු වසර ගණනාවක් තිස්සේ ඔහුගේ නගර කඩා බිඳ දමන ආකාරය, ඔහුගේ ජනතාව මරා දමන විට, ඔහුගේ සොල්දාදුවන් විනාශ වන ආකාරය දෙස බලා සිටින බවත් සඳහන් කර ඇත.

කෙසේ නමුත්, මෙත් සමඟ එක්සත් ජනපදය සහ යුක්රේනය සමනය කළ නොහැකි විරසකයක් කරා ගමන් කරමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...