ඉරානයේ ගැහිල්ල: ඇමරිකාව පියවරක් පස්සට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

නව ඇණවුම් සඳහා නොව දැනට නැව්ගත කර ඇති තෙල් සඳහා පමණක් මෙය බලපැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසන්නේ.

කෙසේ නමුත් මෙම සම්බාධක ඉවත්වන්නේ දින 30ක කාලයක් සඳහා පමණක් බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.

මෙම “කෙටි කාලීන අවසරය” මත ගෝලීය වෙළඳපොළට තෙල් බැරල් මිලියන 140 ක් පමණ ඇතුළු වීමට ඉඩ සලසන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා කියා තිබේ.

ඇමරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඇරඹි මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති අර්බුදයක් ගොඩ නැගී තිබේ.

ඒ අනුව පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ලෝක බලශක්ති වෙළෙඳපොළට එල්ල වන බලපෑම සැලකිල්ලට ගනිමින් ඇමරිකාව උක්ත තීරණයට පැමිණ ඇත.

ඒ අනුව ඉරාන තෙල් සඳහා පනවන ලද විකුණුම් සීමා ඉවත්කිරීමත් සමග දින 10ත් 14ත් අතර කාලයකදී ලෝක බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් පහත වැටෙනු ඇති බවට අමෙරිකාව ඇස්තමේන්තු කර ඇත.

අමෙරිකාව පසුගියදා රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමටත් කටයුතු කර තිබුණි.

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇති වූ ගෝලීය බලශක්ති අර්බුදයේ කොතෙක්ද යත් ඊයේ දිනය වන විට ලෝක වෙළෙඳපොලේ දිනකට තෙල් බැරල් මිලියන 10ක් පමණ හිඟයක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...