අදත් ඒ වගේ දවසක් ….

මැදිවියේ හෘදයකින් නික්මුණ
මතක ආළෝක දැල්ලක්
ප්‍රියයන් සොහොන් කල
ඉසව්වක ගැවසේ.

අම්මේ දැන් වේදනා අඩුයිද ?
අප්පච්චි මුණ ගැහෙන්නට ලැබුණාද?
නංගිලා තවම නොරටය
මල්ලී ගමේ තනියම.

හිටියා නම් තව ටිකක්
මී මුණුබුරන් දකින්නට තිබුනා
එයාලත් රට රටවල්වල
කතාව අන්තර්ජාලයෙන් පමණයි.

පාලු හැන්දෑවලට
වැඩියෙන් මතක් වෙනවා හැමෝම
මිය නොගිහිනුත් අපි වෙන්වෙලා
තුවාල මිස ඔසු නැත.

තව ටිකක් සලකන්න තිබුණාද?
නොහිතා වෙනස්කමක් වුනාද?
අපිත් හිටියේ අරගලයක
ඉස්පාසුවක් නැතුව දුව දුව.

හිටි ගමන් සමහරදාට
ඇඬෙනවා මට තනියම.
අදත් ඒ වගේ දවසක්
දුක කියන්නත් කෙනෙක් නැති.

තව ටිකකින් රෑ වෙයි .
කුස්සියේ වැඩ පිරෙයි .
සියල්ල හරි නොගියත්
හරි ගියා වගේ ඉන්න වෙයි.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...