13 හැවිරිදි සිසුවෙකුට ලිංගික අතවර කළ විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට !

Date:

13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත වටවල, රොසැල්ල හයිඩ්‍රි විහාරාස්ථානයේ විහාරාධිපති හිමිනම පොලිසිය විසින් ඊයේ (21) අත් අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවාව පෙරේදා (20) දිනයේදී විහාරස්ථානයට කැඳවා විහාරාධිපති හිමියන් විසින් ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර සිසුවා ඒ බව සිය පියාට පැවසීමෙන් අනතුරුව පියා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ සිසුවාව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට නියමිත අතර විහාරාධිපති භික්ෂුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

වටවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...