ජාතික විද්‍යා පදනම(NSF) මුල්කරගත් විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ජාලය(GDP) කොළඹ දී එළිදකී

Date:

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා වූ ජාතික විද්‍යා පදනම (NSF) මුල්කරගත් විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ජාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී එළිදැක්විණි.

විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාතික සංවර්ධනයට දායක කර ගැනීම උදෙසා ජාතික විද්‍යා පදනම මඟින් මෙම නවමු මං පෙත හඳුන්වා දී තිබේ. ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් 950 කට අධික පිරිසක් මෙම ජාලය හා දැනට සම්බන්ධ වී සිටිති. මෙරට සංවර්ධනයට දායකවීම සඳහා උනන්දුවක් දක්වන ශාස්ත්‍රීය,පර්යේෂණ හා සංවර්ධන ආයතන හා කර්මාන්ත අංශයේ ඉහළ තනතුරු දරණ විදෙස්ගත ශ්‍රී ලාංකික කීර්තිමත් විද්‍යාඥයින් හා වෘත්තිකයින් සඳහා විශ්වාසනීය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක අවශ්‍යතාව ඉටුකිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

උසස් අධ්‍යාපනය හා එහි ධාරිතාවය වර්ධනය උදෙසා වැඩි අවස්ථාව ලබා දීම,අධ්‍යාපන සහයෝගීතාව හා පර්යේෂණ සහයෝගීතාව ඉහළ නැංවීම ඇතුළු පුළුල් අරමුණක් යටතේ ජාතික විද්‍යා පදනම (NSF) සහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම ද මෙහි දී සිදුවිය.

විද්‍යා ජෝති ආචාර්ය බන්දුල විජේ (අමෙරිකාව) මහාචාර්ය ඩිලන්ත ප්‍රනාන්දු (කැනඩාව) මහාචාර්ය මොන්ටි කාසිම් (ජපානය) මහාචාර්ය ශාන්ති මෙන්ඩිස් (ස්විස්ටර්ලන්තය) මහාචාර්ය ඩිලන්ති අමරතුංග (එක්සත් රාජධානිය) මහාචාර්ය සමන් හල්ගමුගේ (ඕස්ට්‍රේලියාව) මහත්ම මහත්මීහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම උත්සවය ආමන්ත්‍රණය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...