අද විශේෂ කැබිනට් රැස්වීමක්. ඉන්ධන මිල වැඩිවෙයිද ?

Date:

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (22) දිනයේ කැඳවා ඇති බව වාර්තා වේ.

රටේ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද මෙසේ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇති බව සඳහන්.

මේ වනවිට දෛනික විදුලි කප්පාදුවක් ද සිදුකෙරෙන අතර ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ද දක්නට ලැබේ.

ඉන්ධන මිල වැඩිකිරීමට අවසර දෙන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවස්ථා කිහිපයකදීම රජයට ඉල්ලීම් කර තිබුණු අතර මේ දක්වා රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ද ගෙන නොමැති තත්වයක් තුළය මේ විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...