රුසියානු-යුක්රේන යුද්ධයක් අත ළඟ – ඉන්ධන මිල වැඩි කරන්නම වෙනවා

Date:

රුසියාව සහ යුක්රේනය අතර මතු වී තිබෙන යුද උණුසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා පවසනවා. මේ නිසා ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය වෙළඳපොලේ ඉන්ධන මිලද සංශෝධනය කිරීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ දක්වා ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ නමුත් ඉතා ඉක්මනින් මිල සංශෝධනයක් කිරීමට සිදුවන බවද ඔහු පවසයි.

මේ වනවිටත් තෙල් සංස්ථාව ඉන්ධන අලෙවි කරන්නේ ඉතා දැවැන්ත පාඩුවක් දරා ගනිමින් බවත් දිගින් දිගටම සංස්ථාවට එම පාඩුව දරා ගැනීමට නොහැකි බවත් පතිරණ මහතා ප්‍රකාශ කරනවා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම, පාඩුව අධික වීම ඇතුළු හේතු කිහිපයක් නිසා මේ වනවිටත් තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති අතර මේ නිසා රටපුරා දැඩි ඉන්ධන හිගයක් මතුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...