රුසියානු-යුක්රේන යුද්ධයක් අත ළඟ – ඉන්ධන මිල වැඩි කරන්නම වෙනවා

0
393

රුසියාව සහ යුක්රේනය අතර මතු වී තිබෙන යුද උණුසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා පවසනවා. මේ නිසා ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය වෙළඳපොලේ ඉන්ධන මිලද සංශෝධනය කිරීමට සිදුවන බවයි ඔහු පවසන්නේ.

රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ දක්වා ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ නමුත් ඉතා ඉක්මනින් මිල සංශෝධනයක් කිරීමට සිදුවන බවද ඔහු පවසයි.

මේ වනවිටත් තෙල් සංස්ථාව ඉන්ධන අලෙවි කරන්නේ ඉතා දැවැන්ත පාඩුවක් දරා ගනිමින් බවත් දිගින් දිගටම සංස්ථාවට එම පාඩුව දරා ගැනීමට නොහැකි බවත් පතිරණ මහතා ප්‍රකාශ කරනවා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම, පාඩුව අධික වීම ඇතුළු හේතු කිහිපයක් නිසා මේ වනවිටත් තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති අතර මේ නිසා රටපුරා දැඩි ඉන්ධන හිගයක් මතුව තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here