කෑගල්ල නගරයට යන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය නවතම දිගහැරුම පෙබරවාරි මස 23 හා 24 දෙදින කෑගල්ල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයිනගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 දින පැවැත්වීමට නියමිත අතර, මෙම ජංගම සේවා වැඩසටහන හා සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචි විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් සංවිධානය කොට ඇති බවද වාර්තා වේ.

මෙහිදී Smart Youth වැඩසටහන හරහා, ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව දීප ව්‍යාප්තව තරුණ තරුණියන් දස දහසකට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමේ වැඩසටහනක්ද මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.

එමෙන්ම මෙරට අවිධිමත් අංශයේ වෘත්තීන් වල නියුතු පිරිස හට වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ලබාදීමට ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ NVQ සහතිකද ලබාදීමට මෙහිදී සැලසුම් කර ඇත.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට හා පාසල් උපකරණ බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, විදේශ රැකියාව අවසන් කර යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර ලබාදීම, මෙරටට පැමිණීමෙන් පසුව සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන විගමනික ශ්‍රමිකයින් ඇගයීමට ලක්කිරීමටද නියමිතයි.

ස්වයං රැකියා ආරම්භ කර ඇති ශ්‍රමිකයින්ගේ භාණ්ඩ සහන මිලට අලෙවි කිරීම සඳහා වෙළඳපොලක්ද මෙම ප්‍රදර්ශන භූමියේදී පැවැත්වෙන පැවසේ.

එසේම ආබාධිත විගමණික ශ්‍රමිකයින් සඳහා ඇස් කණ්ණාඩි හා රෝද පුටු ඇතුළු වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමටද නියමිත අතර, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් තුල සුහුරු පන්ති කාමර ස්ථාපිත කිරීමට අවශ්‍ය Smart Board පිරිනැමීටද කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ.

මෙම වැඩසටහන හා සමගාමීව විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමටද නියමිත අතර, කෑගල්ල දිස්ත්‍රික් වෘත්තිය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය සංසදය පිහිටුවීමටද නියමිතයි.

තවද, කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මගින් විදේශ රටවල රැකියා අවස්ථා ලබාගැනීම සඳහා තරුණ තරුණියන්ට මෙහිදී අවස්ථාව හිමිවන අතර, 24 වන දින රාත්‍රියේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...