ජනපති රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට පත්කර නවීන විෂයානුබද්ධ පාඨමාලා හඳුන්වා දීමට සැලැසුම් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

තවද, නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අද (22) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි සිසු දරුවන් සමඟ කතා බහකට එක්වෙමිණි.

දිවංගත ලලිත් ඇතුළත්මුදලි මැතිතුමන්ට උපහාර පිණිස දරු දැරියන්ගේ සුබසිද්ධිය පිණිස ගොඩනංවන ලද මෙම ආයතනය මේ වන විට ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන අතර මෝටර් කාර්මික ඇතුළු වෘත්තීය තාක්ෂණ පාඨමාලා, තොරතුරු තාක්ෂණය, සැලසුම් සහ ත්‍රිමාණකරණය, භාෂා පාඨමාලා, පෙර පාසල් පුහුණු පාඨමාලා, රූපලාවණ්‍ය ශිල්පය ඇතුළු නවීන වැඩ ලෝකයට අවශ්‍ය පාඨමාලා රැසක් මෙහි පවත්වාගෙන යනු ලබයි.

පාඨමාලා පැවැත්වෙන පන්ති කාමර වෙත පැමිණ සිසුන්ගේ අධ්‍යාපන සහ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලූ ජනාධිපතිවරයා සිසුන් සමඟ කෙටි කථාබහකට එක්වෙමින් ඔවුන් නැඟු ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබා දෙනු ලැබීය.

ශ්‍රී ලංකාව මේ වන විට වේගවත් ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බවත් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ,නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඇති අවස්ථාව පිළිබඳ තරුණයෙකු මතු කළ ප්‍රශ්නයට පිළිතුර දුන් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් දිනෙන් දින වෙනස් වන නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පෙර පාසල් පාඨමාලාව වැඩිදුර හදාරා තමන්ගේම පෙර පාසලක් පවත්වාගෙන යාමට අපේක්ෂාවෙන් පසු වන බවත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසා දෙන ලෙසත් මෙහි පෙර පාසල් පාඨමාලාව හදාරන සිසුවියක විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ පෙර පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළේදී ඒ පිළිබඳවද අවධානය යොමු කරන බවයි.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති විශේෂ ආරාධිතයන්ගේ සමරු සටහනක් පොතෙහි සටහනක්ද තැබූ ජනාධිපතිවරයා සිසුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය. පසුව සිසු දරුවන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරුප කිහිපයකට එක්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...