ඇමති නලින් රෝහිණීට අපහාස කිරීමෙන් පාර්ලිමේන්තුව රත්වෙයි. නලින්ද නැවතත් මහත්මා ගුණය පෙන්වයි ! (VIDEO)

Date:

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න ඉලක්ක කරමින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් උද්ගත විය.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ එහිදී පැවසුවේ රෝහිණී කවිරත්න තම නම වෙනස්කර ඇතැයි පුවත්පත් දැන්වීමක් තමන් දුටු බවත් ඇය රෝහිණී ළමාරත්න යනුවෙන් ඇගේ නම වෙනස් කරගෙන ඇති බවත් ඇගේ ප්‍රකාශ ළමාරත්න පන්නයේ ප්‍රකාශ බවත් ය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ අවස්ථාවේදී මෙම ප්‍රකාශයට විරෝධය පළ කළ අතර ඔහු ඉතා දැඩිව ප්‍රකාශ කළේ නියෝජ්‍ය ඇමතිවරයා චේතාන්විතව සජබ මන්ත්‍රීවරියකට අපහාස කර ඇති බවත් කට තිබුණු පළියට මෙවැනි දෑ කීමට පාර්ලිමේන්තුව තුළ ඉඩ නොතැබිය යුතු බවත් ය.

මෙහිදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ඊට පිළිතුරු දෙමින් පැවසුවේ තමන් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ගැන නොකී බවත් මේ ප්‍රශ්නය මතුවන බව දන්නා නිසාම තමන් හිතාමතාම පැවසුවේ “රෝහිණී කවිරත්න කියා කෙනෙක්” යනුවෙන් බවත් ය. එහිදී හර්ෂ ද සිල්වා ඊට ඉතා තදින් විරෝධය ප්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් මතුවිය.

මුලසුනේ සිටි සභාපතිවරයාට ද තත්වය නිසි ලෙස පාලනය කරගත නොහැකි වූ අතර එහිදී මැදිහත් වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම සිද්ධියට පාදක වූ නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මියට අපහාසයක් සිදුව ඇත්නම් එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස පැවසීය.

නලින්ද ජතිස්ස ඇමතිවරයාගේ එම ක්‍රියාව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ පැසසුමට ලක්වූ අතර ඔහු සඳහන් කළේ එය මහත්මා ගුණයෙන් යුත් ක්‍රියාවක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...