නිශ්මං රණසිංහ පෙබරවාරි 23, කොළඹ LNW:
කටාර් හී පැවති වීවෘත ටෙනිස් සූරතාවය දිනා ගන්නට ලොව අංක එකේ ක්‍රීඩකයා වන ස්පාඤ්ඤයේ අල්කරාස් කාලෝ සමත් වුණා.තවමත් 22 හැවිරිදි ලෝක සූරයා හා අවසන් සටනේදී මුණ ගැසුණේ මෑතකාලීනව කැපී පෙනෙන දස්කම් දක්වමින් ස්ථාන හයකින් පෙරමුණට එන්නට සමත් වී සිටින ප්‍රංශයේ 21 හැවිරිදි ආතර් ෆිල් ය.
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී වෘත්තීය ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් සම්පූර්ණ කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමෙන් දින 20 කට පසුව කටාර් ජයග්‍රහණය වාර්තා කරන අල්කරාස්,එහිදී විනාඩි 50 ඇතුළත සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේ ලකුණු 6-2 ක් සහ 6-1 ක් ලෙස ලකුණු සටහන් කරමින් 2-0 ක් ලෙස ය.
මැද පෙරදිග පැවති ATP ටුවර් ඉසව් දෙකෙන් එකක් හැටියට කටාරයේ පැවත්වෙන මෙම කටාර් එක්සොන්මොබයිල් විවෘත (Qatar ExxonMobil Open) තරගාවලිය සැළකෙනවා. මෙම තරගාවලියේ ත්‍යාග සඳහා ඩොලර් 2,833,335 ක ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කර තිබුණ අතර එහි දැක් වූ ආකාරයට අල්කරාස්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඩොලර් 529,945 ක් හිමි විය යුතුව තිබුණා.


