කල් තැබූ පෙත්සම අද විභාගයට …

Date:

ලේඛනවල ඇති වූ අපැහැදිලිකම් හේතුවෙන් පෙත්සම අද දිනය දක්වා කල් තැබීමට අධිකරණය පසුගිය 10 වනදා තීරණය කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල් දමන ලෙසට ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අද විභාගයට ගැනීමට නියමිතයි .

මෙම පෙත්සම විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර විසින් ගොනුකර තිබුණේ ,රට තුල උග්‍ර ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන බැවින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.

මෙම පෙත්සම අද දිනට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ඔහු මීට පෙර මෝසමක් ද ගොනු කළා. එය පසුගිය 20 වනදා සලකා බැලුනු අතර එහිදී ඔහුගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මෝසම මේ අවස්ථාවේ දී සලකා බැලීමට අනවශ්‍ය බවයි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා අද දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 10 වනදා තීන්දු කළ බව සඳහන් කළා. ජනාධිපති නීතිඥවරයා එහිදී කියාසිටියේ එහෙත් තැපැල් ඡන්ද විමසීම ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ඊට පෙර මෙම නඩුව සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලා අදාළ මෝසම ගොනු කළ බවයි .

ජනාධිපති නීතිඥවරයා පසුගිය 20 වනදා අධිකරණය හමුවේ කියාසිටියේ නියමිත දිනයේ තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙන බවට තම සේවාදායකයාට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙන හෙයින් මෙම මෝසම සලකා බැලීම අවශ්‍ය නොවන බවයි.

එම ඉල්ලීමට මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද විරෝධය පළ කළේ නැහැ. ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම කලින් නියම කළ පරිදි ලබන අද වැඩිදුර සලකා බැලීම සඳහා කැඳවන ලෙස එදින නියෝග කළා.

රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විම තුලින් මහජනතාවට කිසිදු යහපතක් නොවන බවයි අදාල පෙත්සමේ දක්වා ඇත්තේ. එබැවින් අදාළ ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉකුත්දා දැනුම්දුන්නේ මෙවන් පසුබිමක ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොලැබීම හා රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ලබා නොදීම හේතුවෙන් මීට පෙර අධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව පරිදි පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...