“හොරාකාපු ධනය යළි ගෙන්වීම” ප්‍රබන්ධයක් බව විපක්ෂය විසින්ම තහවුරු කරලා ඉවරයි!

Date:

දේශපාලන වේදිකාවලදී ප්‍රේක්ෂකාගාර මතුකරන යම් පැණයක් හමුවේ සොරකම් කරන ලද සම්පත් යළි මෙරටට ගෙන්වා ගැනීම නැමති ප්‍රකාශය නිතර දෙවේලේ ඇසෙන්නට ලැබෙන බවත්, මෙය ප්‍රබන්ධයක් පමණක් බව විපක්ෂය විසින්ම තහවුරු කර අවසන් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (23) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“මේ දවස්වල දේශපාලන වේදීකාවේ ලොකුම මාතෘකාව හොරකම් සහ හොරා කාපු සම්පත් යළි කැඳවා ගැනීම වගේ මාතෘකාවක් ඉතාමත් බරපතල විදිහට සාකච්ඡා වෙමින් තියෙනවා. ඒ හැර ලොකු දෙයක් කියන බවක් පේන්නත් නෑ. 2015 අලුත් ආණ්ඩුව බිහිවන්නේද පෙර පැවති ආණ්ඩුවේ හොරුන් අල්ලනවා කියන දේශපාලන සටන්පාඨය මත. 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය පූරාම අපේ ප්‍රතිවාදි අපේක්ෂයා සහ ඔහුගේ කණ්ඩායම විසින් ගෙන ගිය ප්‍රධාන දේශපාලන සටන්පාඨය තමයි රාජ්‍ය සම්පත් සොරාකෑම සහ සොරාගන්නා ලද සම්පත් යළි රාජ්‍යයට දිනා ගැනීම වගේ මාතෘකාවක්. ඒ වගේම ඡන්දයයෙන් බලයට පත්වුණු සැනින් ප්‍රමුඛ දේශපාලන ප්‍රකාශය ඉටුකිරීම වෙනුවෙන් ඔවුන් කළ හැකි හැමදේම කළා කියන එක තමයි අපේ නිරීක්ෂණය. දූෂන විරෝධි ජාතික කමිටුවක් හදාගෙන අපේ කණ්ඩායාම හැර සියලු දේශපාලන පක්ෂ එහි සාමාජිකත්වය දරමින් උදේ සවස මුණගැහිලා ඊලඟට කාවද අල්ලන්නේ කියලා සාකච්ඡා යෙදුවා. ඒ වගේම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය නමින් ඒ සඳහා වෙනම ආයතන ව්‍යුහයක් ස්ථාපිත කළා. ඒ අය රට තුළ විමර්ශන කළා. ඒ වගේම ඒ අයට අමතක වුණාට අපිට මතකයි ඒ ඇතැම් ආයතනවල නිලධාරින් සහ සාමාජිකයින් විදේශ රටවලට පවා ගිහිල්ලා විවිධ විමර්ශන සිදු කළ බව ඒ අය විසින්ම රටට කිව්වා. ඒ වගේම 2016 මැයි 11 ලන්ඩන් නුවර තිබුණා ජාත්‍යන්තර දූෂණ විරෝධි සමුළුව. ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් එවක ජනාධිපතිවරයා සහභාගි වුණා.

එහිදි ඔවුන් විසින් හොරකම් ඇල්ලීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝකයට පැහැදිලි කළා. ඒ විතරක් නොවේ එවක ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මෙරට පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයන් සහ ඇමරිකානු නියෝජිතයන් අතර ඇතිවුණු ද්විපාර්ශික සාකච්ඡාවේදී ප්‍රධාන මාතෘකාව විදිහට ඔවුන් ඉල්ලා සිටියා අපිට හොරුන් අල්ලන්න උදව් කරන්න කියලා. ඒ වගේම එවක විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කිව්වා ඇමරිකන් ඩොලර් බිලියන 18 ක වත්කම් රාජපක්ෂලාට පිටරට තියෙනවා කියලා. ඒවා ගේනවා කිව්වා. මංගල සමරවීර කියන්නේ ලංකාවේ දේශපාලන හිටපු ගෝලීය මනුස්සයෙක්. රටේ සම්පත් සොරාකෑම සහ ඒවා යළි රටට දිනාදීම කියන මාතෘකාව මේ අය විසින් මීට පෙර කතා කරලා ඒ වෙනුවෙන් කරන්න තියෙන හැමදේම කරලා නැවත මේ මාතෘකාව අරගෙන එනවා මැතිවරණයකදී වෙන කතා කරන්න දෙයක් නැති නිසා වෙන්න ඇති. ඒ අය විසින්ම තමන් විසින්ම සිදුකළ මේ ප්‍රකාශ ප්‍රබන්ධයක් බව තහවුරු කරලා තියෙන්නේ.

ඒ නිසා මම මැතිවරණය ව්‍යාපාරය තුළ ඉතාම සක්‍රීය ලෙස නියෙලි ඉන්න ඒ පාර්ශවයන්ගෙන් ඉල්ලන්නේ ඔබ විසින්ම මේ කතාව මීට පෙරම කියලා එය සත්‍යයෙන් තොර ප්‍රබන්ධයක් බව ඔබ විසින්ම තහවුරු කරලා ඉවරයි. ඒ නිසා අපි කතා කළයුතු නැද්ද මේ රටේ ජාතික ආර්ථිකය සම්බන්ධ වැඩපිළිවෙළ ගැන. මේ මොහොතේ අත්‍යවශ්‍යම සාකච්ඡාව රටේ ජාතික ආර්ථිකය යළි ස්ථාපනය කිරීම වෙනුවෙන් අනාගත නායකයින් වෙන්න අපේක්ෂාවෙන් සිටින අයගේ වැඩපිළිවෙල විය යුත්තේ. ඔවුන් විසින්ම මීට පෙර සිදුකළ ප්‍රබන්ධ කතාවම යළි මයික් පැලෙන්න සාකච්ඡා කරමින් සිටිනවා. මම හිතන්නේ ඒ ප්‍රේක්ෂකාගාරය කොයි මොහොතක හෝ ප්‍රශ්න කරාවි කියන එක තමයි මට තේරෙන්නේ. ඒ හොරකම් සහ ඒවා යළි මෙරට ගෙන්වා ගැනීම පිළිබඳ කතාව ඔවුන් විසින්මයි බොරුවක් බවට පත් කරලා තිබෙන්නේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...