ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පාඨලී චම්පික රණවකගෙන් ලිපියක් ..

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපති ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කාර්යාලය වෙත අදාළ ලිපියක් යොමුකර ඇත.

භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමටයෑමේ ප්‍රතිවිපාක ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් ඇති බවද එම ලිපියෙන් පෙන්වා දෙයි.

අනාගතයේ ආර්ථිකයේ සිදුවන බිඳවැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් වගවෙන බවත් එයට වගකීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ලවීමද වැළැක්විය නොහැකි බවද පාඨලී චම්පික රණවක එහි සඳහන් කරයි.

ඒ අනුව එල්ල වන ජනතා විරෝධය නිසා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ස්ථායිකරණ වැඩපිළිවෙල අවුල්වීමට ඇති ඉඩකඩ වැඩි බවද ඔහු සඳහන් කර ඇත .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...