ශ්‍රීලනිපයට කුමාරතුංග බිය – ජීවන් වෙල්ගමට සෙට් වෙයි

0
1561

ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකයන්ගේ කුමාරතුංග භීතිකාව දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසනවා. මේ නිසා තමන් ශ්‍රීලනිපයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

සිය ඉල්ලා අස්වීමට අදාල ලිපිය මේ වනවිට ශ්‍රීලනිපය වෙත යවා ඇති අතර පක්ෂයේ ඉහළ නායකයන්ගේ කුමාරතුංග භීතිකාව පිළිබඳව ලිපියේ සඳහන් කළ බවද ජීවන් කුමාරතුංග මහතා සඳහන් කරනවා.

දිගු කාලයක් තිස්සේ ඉවසීමෙන් සියලු දේට මුහුණ දුන් නමුත් කුමාරතුංග භීතිකාව අවසන් නොවන බැවින් පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කරනවා.

මේ අතර ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස් වූ ජීවන් කුමාරතුංග මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here