*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අර්බුදයෙන් ගොඩ එන්න සියලු දේශපාලන කණ්ඩායම් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණිය යුතුයි – කරු

නිදහස ලබා වසර 73 ක් ගතවන විට, රට එදා තිබූ තත්වයටත් වඩා පිරිහී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ශ්‍රී ලංකාවට පසුව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ රටවල් දිනෙන් දිනම සංවර්ධනයවෙමින් ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව ඊට වඩා ගව් ගණනක් පසුපසින් ගමන් කරමින් සිටින බවයි ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) පැවති ජාතික, ආගමික හා ජාතික සංහිඳියාව සඳහා වන මොනරාගල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා,

අපි නිදහස ලබා ගෙන අවුරුදු හැත්තෑ තුනක් වෙනවා. එදා අපි නිදහස ලබන විට සිටි තත්වයත්,  අද වන විට පවතින තත්වයත්, සසඳා බලන විට අපට සතුටු විය හැකිද? අපට පසු නිදහස ලබාගත් රටවල් අපට වඩා ගව් ගණනක් ඉස්සරහට ගොස් තිබෙනවා.

මෙම කාලය තුළ රටේ ඇති වූ ජාති, ආගම් හා දේශපාලන භේද මෙන්ම, කුමන්ත්‍රණ, තරුණ අසහනය හා ත්‍රස්තවාදයට මුහුණ දීමට සිදුවීම නිසා රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් ඇති වුණා. අපි ඒ ගැන ඇඟිල්ල දිගු කර එක් පුද්ගලයෙකුට හෝ පාර්ශ්වයකට දොස් පැවරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. එය ඵල රහිතයි.

අනෙක් කණගාටුවට කරුණ වනුයේ දේශය වෙනුවෙන් ඔබගේ ආදි පරපුර ජීවිත පරිත්‍යාග කළත්, ඌව පළාත ලංකාවේ දියුණුවෙන් අඩුම පලාත වීමයි. අපි අද මෙහි පැමිණියේ අතීතයේ වැරදි වටහා ගෙන අවශ්‍ය පිළියම් යොදා නව ජාතික හා ආගමික එකමුතුවක් තුළින්, ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී විනයගරුක නිදහස්, නිවහල්, යුක්තිය සාධාරණය රජයන, සමෘද්ධිමත් නව සමාජයක් බිහි කිරීමේ අරමුණින්.

අපගේ දේශපාලන ගැතිකම් කිසිවක් නැහැ . ජාතිවාදී අදහස් වලට නැඹුරු වී නැහැ. සියලුම ආගම් දේශනා කරන්නේ දැහැමි සාමකාමී සමාජයක් බිහිකරන්න. එසේ වුවහොත් අපට යහ සමාජයක් බිහි කරන්න පුළුවන් .

අපි ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ආගමික නායකත්වයෙන් හා එම ප්‍රදේශවල ජන නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අපගේ මෙම උතුම් පරමාර්ථය ඉටු කර ගැනීමට ආශිර්වාද කරන ලෙසයි.
අද රැස්වීම සඳහා ආදිවාසී නියෝජනය අපිට ශක්තියක්. ආදිවාසී නායකතුමන් පරිසරය ගැන දක්වන කැපවීම හා උනන්දුව අපි අගය කරනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් ද අප විසින් සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා.
 
ලෝකය මෙන්ම අප රටත් අද විශාල අභියෝගවලට මුහුණ දෙනවා. කොවිඩ් වසංගතය මෙන්ම, ආර්ථික බිඳවැටීම නිසා අපේ රටත්, පුරවැසියනුත්, විශාල අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. එසේ නම් අපට තවත් රට පරිහානියට පත් වෙන්න ඉඩ දෙන්න බැහැ. එවිට රට නැවතත් මහා විනාශයකට පත් වනවා.
එයින් අප කරන්නේ ඊළඟ පරපුරට ද්‍රෝහීකමක්.

කරුණු මෙසේ තිබියදී, ජාති ආගම් භේද ඇති කිරීම සඳහා ඉතා සුළු පිරිසක් උත්සාහ කරනවා . ජාතික නායකයින්ට හා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපි ආයාචනා කර සිටින්නේ රට නැවතත් ගිණි ගැනීමට ඉඩ නොදී ජාතික ආගමික සමගිය හා සහෝදරත්වය ගොඩ නගන ලෙසයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan