මහාචාර්ය රංජිත් යළි කෝප් කමිටුවට

Date:

පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයකට පත්කෙරුණු සාමාජිකයින්ගේ නම් ලැයිස්තු ඊයේ (22) දිනයේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් නිවේදනය කරන ලදී.

ඒ අනුව, වඩාත් ජනතා අවධානයට ලක්වෙන කාරක සභාවක් වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) පත්කර ඇති මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මෙසේ ය.

ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, මේජර් සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නම ද මෙම ලේඛනයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

ඒ මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව ලැදියාවන්ගේ ගැටුමක් පැවතීම ඇතුළු චෝදනා කිහිපයකටම ලක්වූ අතර ඇතැමුන් පවසා තිබුණේ පසුගියදා පාර්ලිමේන්තුව වාර අවසාන කළේ ද ඔහුව කෝප් කමිටුවෙන් ඉවත් කිරීම සඳහා බවකි.

කෙසේවෙතත් රංජිත් බණ්ඩාර මහතා නැවතත් කෝප් කමිටුවේ සාමාජිකයකු වශයෙන් පත්කර ඇති අතර කමිටුවේ සභාපති ධුරය සඳහා පත්කෙරෙන්නේ කවුරුන්ද යන්න ඉදිරි කෝප් කමිටු රැස්වීමේදී එහි සාමාජිකයින් විසින් තීරණය කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...