මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි !

Date:

මේ සතියේ රටම කළඹවපු පුවත වුණේ ශ්‍රී ලංකා මහබැංකුවේ සේවකයින්ගේ වැටුප් විශාල වශයෙන් වැඩිකර ගැනීමේ සිදුවීමයි. මීට අදාළව දැඩි විවේචන ගණනාවක්ම එල්ල වෙලා තිබුණා.

මේ අතරින් වැඩියෙන්ම විවේචනයට ලක්වෙලා තිබුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන. ඒ, ඔහුත් ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස සේවය කරමින් සිටියදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට පත්වුණු කෙනෙකු නිසා ඔහුටත් මේ වැටුප් වර්ධකය ලැබීම හේතුවෙන්.

තමන් 1992 දී පරිපාලන සේවයට එක්නොවී මහබැංකුවේ සේවයට බැඳුනෙත් එහි වැටුප් ඉහළින් පැවති නිසා බව මහින්ද සිරිවර්ධන මහතා මේ ගැන කළ විමසීමකදී මාධ්‍ය වෙත කියලාත් තිබුණා.

කොහොමවුණත් දේශපාලන නියෝජිතයින්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවකින් වටකරගෙන පහරදෙන තත්වයක් තුළ අන්තිමේ ඔහු මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කරලා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය දිනක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකරලා තිබෙනවා.

එතැනදී ජනාධිපතිවරයා ඔහුව කැඳවා ඔහුත් එක්ක සාකච්ඡාවක් කළා ලු.

“මම දන්නවා මේ වටකරගෙන ගහන එක ගැන, මේක පිටිපස්සේ ඉන්නෙ කවුද කියලාත් මම දන්නවා. ඔයා වැඩ කරන්නේ ඔය කාටවත් නෙවෙයි රටට සහ ජනතාවට. ඒ හින්දා මේ ඉල්ලා අස්වීමේ ලියුම අයින් කරගන්න. මම මේක ප්‍රතික්ෂේප කරනවා” කියලා ජනාධිපතිවරයා එහිදී කිව්වා කියලායි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...