*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගයට

ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ( WWV RWP VSV USP ndc psc) අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට එක්වී තිබේ.

දශක තුනක යුද්ධය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර තිබේ.

සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහි දී කටයුතු කර ඇත.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය ලැබූ ඒ මහතා පාසල් සමයේ දක්ෂ කැපීපෙනෙන ක්‍රීඩකයෙක් විය. රග්බි, පාපන්දු, මලල ක්‍රීඩා මෙන්ම ශිෂ්‍ය භට ක්ෂේත්‍රයෙන් ද දස්කම් පා ඇති ඒ මහතා රග්බි, පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා සඳහා පාසල් වර්ණ ද හිමි කර ගන්නා ලදී. පාසල් අධ්‍යාපනයෙන් පසු හෙතෙම 1984 මාර්තු 4 වැනි දා කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බලකායට එක් වූ ඒ මහතා දියතලාව හමුදා විද්‍යාපීඨයේ මූලික පුහුණුව ලැබ 1985 නොවැම්බර් මස 16 වැනි දින සන්නාහ සන්නද්ධ බලකායේ දෙවැනි ලුතිනන් වරයකු ලෙස පත්විය.

වසර 35ක් පුරා දිවෙන ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ඔහු අණදෙන නිලධාරී, මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ලබා ඇත. 4 වැනි සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ත්‍රිකුණාමලයේ නගර අණදෙන නිලධාරි, 523 පාබල බලසේනාවේ ආඥාපති, සන්නාහ සන්නද්ධ බලසේනාවේ අණදෙන නිලධාරි සහ 55 පාබල සේනාංකයේ නියෝජ්‍ය සාමාන්‍ය නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ.

අවසන් මෙහෙයුමේදී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා 52 වැනි පාබල සේනාංකයේ සහ 64 වැනි පාබල සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. ඔහුගේ සේවා කාලය තුළ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලාව, පකිස්ථානයේ මධ්‍ය වෘත්තීය පාඨමාලාව, බංග්ලාදේශයේ ආරක්ෂක සේවා සහ මාණ්ඩලික පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ නිලධාරීන්ගේ උසස් පාඨමාලාව සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව ආදී පාඨමාලා රැසක්ම හදාරා තිබේ.

ඊට අමතරව බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා විදේශ කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව සහ ඉන්දියාවේ ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ද සම්පූර්ණ කර ඇත. එසේම දර්ශනය විෂය සඳහා ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරා පළමු පන්ති සාමාර්ථයක් ද ලබා ගැනීමට හෙතෙම සමත් විය.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදාව තුළ පෑ දස්කම් සඳහා වීර වික්‍රම විභූෂණ සහ රණ වික්‍රම පදක්කම ඇතුළුව සම්මාන සහ ප්‍රදානයන් කිහිපයකින් පිදුම් ලැබූවෙකි. ඔහු යුද හමුදාවට කළ සේවය අගයමින් පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම, රිවිරැස ප්‍රචාරක සේවා පදක්කම, 50 වැනි නිදහස් සංවත්සර සැමරුම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම් ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.

පාසල් සමයේ සිටම දක්ෂ ක්‍රීඩකයකු වූ ඒ මහතා යුද හමුදාවේදී ක්‍රිකට්, රග්බි හා පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසක් නියෝජනය කරමින් විශිෂ්ට කුසලතා පෙන්වා යුද හමුදා වර්ණ ද දිනා ගැනීමට සමත්වූ නිලධාරියෙකි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan