ස්ටොක්හෝම් සම්මුතිය විසින් PCB භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): දිගුකල් පවත්නා කාබනික දූෂක පිළිබඳ වූ ස්ටොක්හෝම් සම්මුතිය විසින් , දිගුකල් පවත්නා කාබනික දූෂකයක් ලෙසත් ඉහළමපෙළේ පිළිකාකාරකයක් ලෙසත් හඳුනාගෙන ඇති පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) මගින් පරිසරයට හා මිනිසා ඇතුළු සත්ව ප්‍රජාවගේ සෞඛ්‍යයට වන අයහපත් බලපෑම සැලකිල්ලට ගනිමින් පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව වාර්තා වේ.

අමාත්‍යංශය නිවේදනය කළේ, ශ්‍රී ලංකාව PCB භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා පරිසර අමාත්‍යාංශය සක්‍රීයව ක්‍රියාත්මක වන අතර මේ සඳහා ගෝලීය පරිසර පහසුතම (gef) මූල්‍යමය දායකත්වය දක්වන අතර එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) මගින් තාක්ෂණික සහයෝගය ලබා දෙන බවයි.

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හා ගෝලීය පරිසර පහසුතම (gef) සමග එක්ව පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාවේ උපයෝගීතා ක්ෂේත්‍රය තුළ පරිසර හිතකාමී ලෙස පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) කළමණාකරණය පිළිබද අවසන් වැඩමුළුව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ව්‍යාපෘති කළමණාකාරිනී ආචාර්ය කාමෙලා සෙන්ටෙනො (Dr. Carmela Centeno) මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පවත්වා ඇත.

2015 දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4.725 ක් ගෝලීය පරිසර පහසුතම (gef) විසින් ලබාදී ඇති අතර,මෙම ව්‍යාපෘතිය මගින් ලංකාවේ ඉහළම PCB භාවිතයක් සිදුවන විදුලි ට්‍රාන්ස්ෆෝමර් හා වෙල්ඩින් යන්ත්‍ර වල පිරිසිදු PCB භාවිතය 100% ලෙස ඉවත් කිරීමට සමත් වී ඇති අතර එමගින් ඉවත් කළ PCB ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22ක් බව පැවසේ.

එසේම තවත් මිශ්‍ර PCB මෙට්‍රික් ටොන් 178.2 ද භාවිතයෙන් ඉවත් කිරීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබෙන බවද පවසයි,.

ලංකාවේ සිදුකළ මෙම PCB කළමණාකරණ ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ව්‍යාපෘති කළමණාකාරිනී ආචාර්ය කාමෙලා සෙන්ටෙනො (Dr. Carmela Centeno) මහත්මියගේ විශේෂ ඇගයීමකට ලක් වී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...