ජනපති රනිල් හමුවූ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): අද (23) දින කළමනාකරණය සහ සම්පත් සඳහා වූ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආර්.වර්මා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබන බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවූ බවත්, ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා ශ්‍රී ලංකා රජය ආර්ථිකය නැංවීමට ගන්නා උත්සාහය අගය කළේය.

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග කිහිපයක් සමඟින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

ගෝලීය ආරක්ෂාව සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය ලේකම්වරයා රතු මුහුදේ සිදු කෙරෙන නාවික මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සහය පිළිබඳව ස්තුතිය පළ කළේය. හවුති කැරලිකරුවන් සම්බන්ධයෙන් සෞදි අරාබියේ ස්ථාවරය සමඟ සහයෝගීතාවය ප්‍රතිරාවය කරමින් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමන නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංගාරාම විහාරය ලෝක මට්ටමේ සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය ලෝක...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...