පළාත් පාලන මැතිවරණය එන දින වකවානු ගැන විෂය භාර නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්දෙන් පසු ස්ථිර වශයෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.

“රජය විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම පවත්වනවා. දැනට තියෙන්නෙ මැතිවරණ කොමිසමේ කටයුතු. අපි හිතනවා මැතිවරණ කොමිසම තව දවස් කිහිපයකින් ස්ථිර වශයෙන්ම ඡන්දය පවත්වන දින වකවානු ටික ගැසට් කරාවි, තීන්දුවක් දේවි. ඒ අනුව දැනටමත් ඒ අය අපෙන් ඉල්ලීමක් කළා විශේෂයෙන්ම අමාත්‍යාංශයෙන්, මැතිවරණයෙන් පස්සේ සභිකයින් පත්වෙන දින තීන්දු කරන්න කියලා. ඒ අනුව ජුනි මාසෙ දෙවනිදා සභාව පිහිටුවන්න ඕනෙ කියලා දැනට තීන්දු අරන් තිබෙනවා. ඒ කියන්නෙ මාසෙක කාලයක් ඉල්ලුවා, ඡන්දය පවත්වලා මාසෙක කාලයක්. ඉතින් අපි හිතනවා අවුරුද්ද කාලා අපි ඡන්දයට යමු. දැන් අවුරුදු මාසෙ ඡන්දෙ එනවා ස්ථිර වශයෙන්ම”

රුවන් සෙනරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 23) හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...