නියෝජ්‍ය ඇමති නලින්ගේ ප්‍රකාශය ගැන අගමැති හරිනිගේත් අප්‍රසාදය

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න ඇයගේ නම වෙනස් කරමින් පුවත්පත් දැන්වීමක් පළකර ඇති බවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද අප්‍රසාදය පළකර තිබේ.

“ඒක සුදුසු නෑ. මම හිටියේ නෑ ඒ අවස්ථාවේ. නමුත් ඒ අවස්ථාවේදීම නලින්ද ජයතිස්ස ඇමතිවරයා වහාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක නිවැරදි කරන්න මැදිහත් වුණා. අපේ ආණ්ඩුව අපේ පැත්තෙන් වරදක් වුණත් ඒක වෙනස් කරන්න අපි මැදිහත්වෙනවා. එවැනි දේවල් අපි අනුමත කරන්නේ නෑ. නොවිය යුතු දේවල් අපෙන් වෙන්න පුළුවන්. අපේ කෙනෙක් කියලා වැරදි දේ හරියි කියන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඊයේ සිද්ධ වෙච්ච දේ එහෙම නොවුණානම් හොඳයි”

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 23) පැවති මාධ්‍ය හමුවකදී ය.

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරන්නේ ද හරිනි අමරසූරිය අගමැතිනිය යටතේ ඇති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන විෂයය සම්බන්ධයෙනි.

ඔහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞෂල්‍යා ආරියරත්න ද සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේම පළකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...