සටහන – රුවන් නෙළුගොල්ල
අද වත්මන් රජය මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කර නොමැති බවත් අද වන විට අප රටේ මහා ඝාතන රැල්ලක් ක්‍රියාත්මක බවත් මිනිමැරුම් රැල්ලක් ක්‍රියාත්මක බවත් පාතාලය රජ කරවන බවත් මිනිමැරුම්, කප්පම්, කුඩු ජාවාරම්, මංකොල්ල කෑම් ජන සමාජයේ ප්‍රචලිත වී ඇති බවත් එදා රජය නියෝජනය කරන කණ්ඩායම් ජාතික ආරක්ෂාව ගැන පාඩම් ඉගෙන ගන්න මේස පුටු අරන් එන්න කියා රටට කිව්වත් අද රජයට ජාතික ආරක්ෂාව ගැන පාඩම් ඉගෙන ගන්න සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දැරණියගල සමගි ජන බලවේගයේ ආසන සංවිධායක රංජිත් පොල්ගම්පොළ මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.
අද වැනි යුගයක ජන සමාජයේ නීතිය රජකරවන්න අවශ්‍ය යුගයක නීතිය වල්බිහි වී ඇති බවත් රටේ නීතිය හා සාමය මෙහෙයවන්නන් බවට මිලේච්ඡ මිනිමරුවන් පත්ව ඇති බවත් මේ මිනිමැරුම් සංස්කෘතියට ජාතික ආරක්ෂාව ගැන පම්පෝරි ගැසී මේ රජයට කිසිදු උත්තරයක් විසදුමක් නොමැති බවත් මේ සා විශාල ජනවරමක් ලබා දී ඇත්තේ රටේ ප්‍රශ්නවලට විසදුම් දීමට බවත් එම නිසා මේ මිනිමරු කල්ලි කුඩු කේන්ද්‍රීය මිලේච්ඡ ක්‍රියාකාරකම් හසුරවන්න රජයට නොහැකි වී ඇති බවත් අධිකරනයේ පවා පුද්ගල ඝාතන සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වී ගොවියාත් පාරිභෝගිකයාත් දෙන්නම අනාථයි
අධික මිලට සහල් මිල දි ගැනීමට සිදුවීම ගැන රජයට විසදුම් නොමැති බවත් ගොවියාගේ අයිතිය ආරක්ෂා කරන්න නොහැකි වී ඇති බවත් ගොවියාගේ අස්වනු මිලදී ගන්න රුපියල් මිලියන 5000ක් පමනක් වෙන් කර ඇති මුත් මේ සදහා මීට වඩා වැඩි මුදලක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
සාධාරණ මුදලට පාරිභෝගිකයන්ට සහල් දීමට මේ රජයට වගකීමක් නොමැති බවත් මේ රජයේ එකම අරමුණ මහා පරිමාණ මෝල් හිමියන් රැකගැනීම මිස පාරිභෝගිකයා හෝ ගොවියා රැකගැනීම නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
කාන්තා අයිතිවාසිකම් සුරකින්න ආව නලින් හේවගේ පාර්ලිමේන්තුවේම කාන්තාවන්ට අපහාස කරනවා
වත්මන් රජය බිහි කරන්න රටේ බහුතරයක් වන කාන්තාවන් විශාල සහයෝගයක් ලබා දුන් නමුත් අද පාර්ලිමේන්ත්වේ රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කාන්තාවන් ගැන කතා කරන්නේ පහත් ආකාරයට බවට රජය නියෝජනය කරන නලින් හේවගේ ඇමතිවරයා සමගි ජන බලවේගයෙ රෝහිනී කවිරත්න මන්ත්‍රිතුමියට නිග්‍රාහ කර අපහාස කර අවමානයට ලක් කර ඇති බවත් එදා කාන්තා අයිතිය කාන්තාවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා යැයි කිව්වත් අද පාර්ලිමේන්තුවේ නලින් හේවගේ ඇමතිවරයාගේ එකම ඉලක්කය වී ඇත්තේ කාන්තාවන්ට නින්දා අපහාස සිදු කර සමස්ත කාන්තාවන්ට අපහාස කිරිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාන්තාවන්ගේ සෑම අයිතියක්ම එනම් දේශපාලන ආර්ථික සමාජීය රැකියා මෙන්ම පෞද්ගලික ආරක්ෂාව තහවුරු කරන්නට සැබවින්ම කටයුතු කරන එකම බලවේගය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
පාතාලය මර්දනය කරන්න අපිත් සහයෝගය දෙන්නම්
මහපාරේ සිටින පොදුජනතාවට අත්වන ඉරණම කුමක්ද කියා ජනතාව සිතිය යුතු බවත් මත්ද්‍රව්‍ය මංකොල්ලකෑම් මිනිමැරුම් සංස්කෘතිය පරජය කිරිමට විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය දීමට සූදානම් නමුත් රජයට මේවාට වැඩපිළිවෙළක් නොමැති නිසා පොරොන්දු ඉටු නොකරන මේ රජයට පණිවිඩයක් ලබා දීමට පළාත් පාලන ඡන්දය භාවිත කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
