පළාත් පාලන මැතිවරණය එන දින වකවානු ගැන විෂය භාර නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

සටහන – රුවන් නෙළුගොල්ල

එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්දෙන් පසු ස්ථිර වශයෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.

“රජය විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම පවත්වනවා. දැනට තියෙන්නෙ මැතිවරණ කොමිසමේ කටයුතු. අපි හිතනවා මැතිවරණ කොමිසම තව දවස් කිහිපයකින් ස්ථිර වශයෙන්ම ඡන්දය පවත්වන දින වකවානු ටික ගැසට් කරාවි, තීන්දුවක් දේවි. ඒ අනුව දැනටමත් ඒ අය අපෙන් ඉල්ලීමක් කළා විශේෂයෙන්ම අමාත්‍යාංශයෙන්, මැතිවරණයෙන් පස්සේ සභිකයින් පත්වෙන දින තීන්දු කරන්න කියලා. ඒ අනුව ජුනි මාසෙ දෙවනිදා සභාව පිහිටුවන්න ඕනෙ කියලා දැනට තීන්දු අරන් තිබෙනවා. ඒ කියන්නෙ මාසෙක කාලයක් ඉල්ලුවා, ඡන්දය පවත්වලා මාසෙක කාලයක්. ඉතින් අපි හිතනවා අවුරුද්ද කාලා අපි ඡන්දයට යමු. දැන් අවුරුදු මාසෙ ඡන්දෙ එනවා ස්ථිර වශයෙන්ම”

රුවන් සෙනරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 23) හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...