රඹුක්කන අලගල්ල රක්ෂිතය ගිනිතැබීම හේතුවෙන් 7 ක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 24, කොළඹ (LNW):

ඊයේ (23) පස්වරුවේ රඹුක්කන අලගල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර, ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත. ඔවුන් එසේ යනවිට මෙම ගිනි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම සැකකරුවන් අලගල්ලකන්ද රක්ෂිතයට අයුතු ලෙස ඇතුළුවී මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට දැනට සිදුකෙරෙන විමර්ශනවලින් හෙළිව තිබෙන අතර,සැකකරුවන් 7 දෙනා 18,  19 වයස්වල පසුවන කඩුගන්නාව,  පිළිමතලාව,  හන්දෙස් සහ බලන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව රඹුක්කන පොලීසිය පවසයි.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදමා තිබෙන අතර, නල්ලතන්නිය ලක්ෂපාන වතු යාය ආශ්‍රිත රක්ෂිතයේ ද ගින්නක් හටගෙන ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.ලක්ෂපාන වතු යායේ පදිංචිකරුවන් සහ පොලීසිය එක්ව එම ගින්න වතුයාය දෙසට පැතිරීම වළක්වාගෙන තිබෙන අතර, වෙතත් රක්ෂිතයේ ඉහළ කොටසේ ගින්න පැතිර යමින් පවතින බව වාර්තාවේ. එම ස්ථානයට ළඟාවීමට අපහසු බැවින් ගුවන් හමුදා සහායෙන් ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...