රෂිකා හෙන්නායක පෙබරවාරි 24, කොළඹ (LNW):
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් අතර පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ කච්ඡාවක් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරායේ දී පැවැත්විණ.
උතුරුමැද පළාතේ පළමු වසරට ඇතුලත් වන දරුවන්ගෙන් කොපමණ ප්‍රමාණයක් පාසැල් අධ්‍යාපනය අතරමඟ හැර යන්නේ ද හා උසස් අධ්‍යාපනයට යොමු වීම පිළිබද සංඛ්‍යා ලේඛන නිසි පරිදි නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය. නව පුරවැසි ඩිජිටල් පුරවැසි හැදුනුම්පත හඳුන්වාදීමත් සමඟ අධ්‍යාපන තත්වය, සෞඛ්‍ය ඇතුළු සියළු තොරතුරු ඇතුලත් ඩිජිටල් හැඳුනුම්පතක් පාසැල් ළමුන් වෙනුවෙන් හදුන්වාදීම සිදු කරන බැවින් මෙම තොරතුරු ඉදිරියේ දී ලබා ගැනීම දුෂ්කර නොවන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය. නිශ්චිත දත්ත සහ තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම කළ යුතු බැවින්, එම තොරතුරු රැස් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ ක්‍රියත්මක කරන බවත් 2025 වර්ෂය ඒ සඳහා සූදානම් වන වර්ෂය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවා ය.
උතුරු මැද පළාතේ අධ්‍යාපන අංශයේ පවතින ගුරු පුරප්පාඩු පිරවීම පිළිබඳව සාකච්ඡා කළ අතර පවත්නා චක්‍රලේඛ හා ප්‍රතිපත්ති ඒ සඳහා ප්‍රමාණවත් බව මෙහිදී සාකච්ඡා විණ. මෙවර අයවැයෙන් රුපියල් බිලියන 619 ක් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත. නමුත් පසුගිය වසරේ වෙන් කළ මුදල්වලින් සංවර්ධන කටයුතු සඳහා වැයකර ඇත්තේ එම මුදලින් අඩක් පමණි. මෙවර වෙන් කළ සියළුම ප්‍රතිපාදනයන් දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කෙරෙන ගුණාත්මක හා සාධනීය ව්‍යාපෘති සදහා වැයකර අදාළ සංවර්ධන කටයතු සිදු කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
පාසල්වල පානීය ජල පහසුකම් ඇති කිරීම, වැසිකිළි කැසිකිළි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීම මෙන්ම අන්තර්ජාල පහසුකම් ලබා දීම අවශ්‍ය වේ. වැඩ අවසන් නොකළ පාසැල් ගොඩනැගිලිවල වැඩ අවසන් කිරීම සිදු කළ යුතුය. එම ගොඩනැගිලිවල අවශ්‍යතාව නැවත සමාලෝචනය කිරීම මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අවම අවශ්‍යතාවලින්වත් සමන්විත වන පරිදි අවශ්‍ය නම් නැවත සැළසුම් සකස් කළ යුතු බවද මෙහි දී අවධාරණය කළාය.
අවුරුදු 13 න් ඉහළ සියළු ගැහැණු දරුවන් සඳහා සනීපාරක්ෂක තුවා මිළ දී ගැනීමට වව්චර්පතක් ලබා දීම කටයුතු කරන බවත් නිසි පරිදි එම බැහැර කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයන් පාසල් තුළ ස්ථාපනය කිරිම ද අවශ්‍ය වේ.
ක්‍රීඩා පාසල් 05 ක් දිවයින පුරා පිහිටුවීමට කටයුතු කරන අතර විධිමත් අධ්‍යාපන පරිසරයත් තුළ සිසු දරුවන්ගේ පෝෂණය ඇතුළු ක්‍රීඩකයන් සදහා අවශ්‍ය සියළු පහසුකම් සහිතව ඉදි කරනු ලැබේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ආබාධිත දරුවන් මෙන්ම ඉගෙනුම් දුෂ්කරතා ඇති දරුවන් වෙනුවෙන් විශේෂ පහසුකම් ඇති කිරීම හා පාසැල් දරුවන් සඳහා යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම වෙනුවෙන් යහපත් මනෝ සමාජීය පරිසරයක් පාසල තුළ නිර්මාණය කිරීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පළිහවඩන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුන්, උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඇතුළු අධ්‍යාපන අංශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.