මණ්ඩලය ලාබයි කියන්නේ බොරු. බොහෝවිට විදුලි බිල් ආපහු වැඩිකරන්න ඉඩ තියෙනවා ! – ඇමති

Date:

වැසි රහිත කාලගුණය ඉදිරියටත් පැවතුණහොත් බොහෝවිට විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.

“විදුලි ගාස්තු 20%කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා. අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා. විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ. එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම”

ඉංජිනේරු කුමාර ජයකොඩි ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ඉංජිනේරු හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...

වියට්නාමයේ බස් රථ අනතුරකින් දස දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණි ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම වියට්නාමයේ හැනෝයි...

2025 වසරේ ලෝකයේ ලස්සනම ගුවන් තොටුපල පර්යන්තයන්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): Prix Versailles යනු...

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...