කොළඹ LNW:සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව විසින් අද (24) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
විහාර මහා දේවී උද්‍යානය අසල සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පාගමනින් පැමිණ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවේ නියැලුණු පිරිස රජයට අවධාරණය කළේ සමසෞඛ්‍ය උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුළා ගන්නා ලෙසයි.
නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම සීමා කොට උපාධි කඩවලින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග කුමන්ත්‍රණය අත්හිටුවන ලෙස ඔවුන් රජයට අවධාරණය කළේය.
මේ වන විටත් විරෝධතාවේ නියැලී සිටින පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සිටින අතර සෞඛ්‍ය බලධාරීන් සමඟ පස්වරු 07.00ට පවතින ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අවස්ථාවක් ලැබී ඇති බව සඳහන්.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.







