සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් පළාතේ ඩෝර්චේ නගරයේ පලතුරු වෙළඳපොළකට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් හමුදා නියමුවන් දෙදෙනෙකු සහ වෙළඳුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් ලෙස විශ්වාස කරන අතර හමුදා ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, මියගිය සොල්දාදුවන් නියමුවා කර්නල් හමීඩ් සර්වාසද් සහ ඔහුගේ සහය නියමු මේජර් මොජ්තාබා කියානි ලෙස හඳුනාගෙන ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් දශක ගණනාවක් තිස්සේ පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරානයට බොහෝ දුරට තම ගුවන් යානා මිලිටරි සහ සිවිල් යන දෙඅංශයෙන්ම වැඩිදියුණු කිරීමට නොහැකි වී ඇති අතර ඉරානය රුසියාවෙන් ප්‍රහාරක සහ පුහුණු ගුවන් යානා ග(Su-35) ජෙට් යානා මිලදී ගැනීමට උත්සාහ කර ඇතත්, මොස්කව් විසින් ඒවා තවමත් ලබා දී නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ,

