*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ඇමැතිවරුන් වෙනුවෙන් සුපිරි වාහන ගෙන්නූවායැයි ප්‍රචාරය බොරුවක් – ඇමැති නිමල් සිරිපාල

රාජ්‍ය ඇමැතිවරුන් සඳහා සුඛෝපභෝගි වාහන ගෙන්වා වරායට ගොඩබා ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාව මවන ලද ව්‍යාජ පුවතක් බව වරාය හා නාවික කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරුන් වෙනුවෙන් සුපිරි වාහන 239ක් ගෙන්වා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ සිදු කර ඇති මේ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඇමැතිවරයා පැවසීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වරාය අධිකාරියට අනුබද්ධිත ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇති බවත්, මේ අසත්‍ය ප්‍රකාශය සිදු කළ සියලු පුද්ගලයන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙස ඉල්ලීමක් සිදු කරන බවත් ඇමැතිවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරුන්ට සැප වාහන 239ක් ගෙනැවිත් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳ වරාය අධිකාරියෙන් විමසනු ලැබූ බවත්, එසේ වාහන ගෙන්වා නැති බවත් අමාත්‍යවරයා පවසයි.

“මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ මවන ලද පුවතක්. ඒ පිළිබඳව අපි සීඅයිඩී එකටත් පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම අපි පුවත්පත්වලටත් ලිපි යවලා තිබෙනවා මේක නිවැරැදි කරන්න කියලා. මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ පුවතක්. ඒ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට මේ ගැන කියපු අයත් මේ ප්‍රවෘත්ති පළ කළ අයත් ගෙන්වලා මේ පිළිබඳ පරීක්ෂණයක් කළ යුතුයි. වරාය අධිකාරියට අනුබද්ධිත ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා. පුවත්පත්වලට ලිපි යවලා තිබෙනවා. ජනතාවට බෙහෙත් ගන්න සල්ලි නැති වෙලාවක සැප වාහන 239ක් ගේනවා කියලා බොරු ප්‍රචාරය කිරීම මහ පොළොව නුහුලන අපරාධයක්. මම ලැජ්ජ වෙනවා. මේක ඩිලාන් පෙරේරාත් කිවුවා. සමන්ත විද්‍යාරත්න කරපු මේ වැඩේ කොච්චර කැතද? මේවා ප්‍රකාශ පළ කරපු පුවත්පත් ඩිලාන්, සමන්ත, ෆේස්බුක් කාරයෝ ඔක්කොම වරප්‍රසාද කමිටුවට ගේන්න“

ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:

“ඉතාම විශාල ලෙස මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා. අපි ඒක එක්දහස් නවසිය අසූ ගණන්වලත් මෙහෙම වෙනවා දැක්කා. අපි මේ වගේ ව්‍යාජ ප්‍රවෘත්ති ගැන සාකච්ඡා කිරීමට මාධ්‍ය ප්‍රධානීන් හමුවීම වැදගත් කියලා අපි හිතනවා. අපි දියුණු මාධ්‍ය සදාචාරයක් හදන තෙක් කථානායකතුමා මේ ගැන මැදිහත් වී කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා.

‘ඡන්දය දැම්මොත් මරණය‘ කියන සටන් පාඨ අපි එදා ඇහුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමට හානි වන ප්‍රවෘත්ති පළ කිරීම හොඳ නෑ. මේ සම්බන්ධයෙන් කථානායකතුමා පුවත්පත් කර්තෘවරුන් සමඟ සාකච්ඡාවක් කරන්න. විදත් ආයතන පනත් කෙටුම්පතක් සම්මත කරගන්න කැබිනට් අනුකාරක සභාවක් පත් කළා. මාධ්‍ය පිළිබඳ යම් යම්කිසි ප්‍රමිතියක් ඇති කළ යුතුයි. දියුණු මාධ්‍ය අධිකාරි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා.“

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan