මිල්කෝ සමාගම ඉන්දීය අමුල් සමාගමට දීමෙන් බලාපොරොත්තු වන ඉලක්කය ජනපති පැහැදිලි කරයි

Date:

රජයට අයත් මිල්කෝ සමාගමේ පාලනය ඉන්දීය අමුල් සමාගමට භාරදීම සඳහා ගිවිසුමකට එළඹීමට කටයුතු කරන බවත් එයින් බලාපොරොත්තු වන්නේ දිනකට කිරි ලීටර් 10 බැගින් ලබාදෙන සතුන් මිලියන 2ක් ඇතිකරගැනීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“අපේ කිරි නිෂ්පාදනය ඉතාම අඩු මට්ටමක පවතින සත්ව පාලන ක්ෂේත්‍රය දෙස බැලූවිට, එක් සතෙකුගෙන් ලැබෙන්නේ කිරි ලීටර් 2ක් පමණයි. දැන් අපි එය වෙනස් කරනවා. රජයට අයත් මිල්කෝ සමාගම සම්බන්ධයෙන් ගත්විට, අපි එහි පාලනය සම්බන්ධයෙන් අමුල් සමාගම සමග ගිවිසුමකට එළඹිමට කටයුතු කරනවා. එහි ඉලක්කය කුමක්ද ? අපි බලන්නේ දිනකට කිරි ලීටර් 10ක් ලබාදෙන සතුන් මිලියන 2ක් ඇතිකර ගැනීමටයි. කිරි ලීටර් දෙකෙන් 10 ට ගමන් කරන්න. ඒ කියන්නෙ එතන පමණක් මිලියන 20ක්, ඒ කියන්නෙ ගොවීන් ලක්ෂ 2ක් පමණ. එවිට පවතින අනෙකුත් සමාගම් ද ඉහළට පැමිණේවි. නෙස්ලේ, ෆොන්ටේරා ඇතුළු වෙනත් ආයතන මෙන්ම තවත් ශ්‍රී ලාංකික සමාගමක් වන අඹේවෙල ගොවිපළ, ඔවුන් එක සතෙකුට ලීටර් 28ක් දක්වා නිෂ්පාදනය ඉහළ නංවලා තිබෙනවා. එය තරමක් ඉහළයි. ඒ කියන්නේ අපට රටේ අවශ්‍යතාවය සඳහා පමණක් නොවෙයි අගය එකතු කළ නිෂ්පාදන සඳහාත් කිරි යොදාගන්න පුළුවන්”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹදී පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ 37 වැනි සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...