ණය ලබා දීමට පෙර මැතිවරණ වංචාවන් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස IMF පකිස්ථානයෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පෙබරවාරි 8 වන දා පකිස්ථානයේ පැවැත්වුණු මැතිවරණය සම්බන්ධයෙන් පවතින චෝදනාවන් පිළිබඳව කරුණු දක්වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉල්ලා තිබේ.

පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ නිර්මාතෘ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිට ලිපියක් නිකුත් කරමින් කියා තිබුණේ, IMF, EU සහ අනෙකුත් සංවිධානවල ප්‍රඥප්තියට අනුව ඔවුන්ට ක්‍රියාත්මක වීමට හෝ රටකට ණය ලබා දිය හැක්කේ යහපාලනයක් තිබේ නම් පමණක් වන බැවින්, පකිස්ථානයට ණය ලබාදීමට ප්‍රථම මැතිවරණ පිළිබඳ විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා තිබේ.

පකිස්ථානය පසුගිය වසරේ IMF සමඟ ඩොලර් බිලියන 3ක් වෙනුවෙන් මාස නවයක පොරොත්තු ගිවිසුමක් අත්සන් කළ අතර එය ලබන මස මුලදී අවසන් වේ. නවාස් ශරිෆ්හා බිලවල් බුතොගේ සහයෝගයෙන් නව රජයක් ලබන සතියේ දියුරුම් දීමට සුදානම් වන අතර IMFසමඟ දිගුකාලින සැලැස්මක් සුරක්ෂිත කිරීම මීළඟ ආණ්ඩුවේ ප්‍රමුඛතාවයක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...