ණය ලබා දීමට පෙර මැතිවරණ වංචාවන් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස IMF පකිස්ථානයෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පෙබරවාරි 8 වන දා පකිස්ථානයේ පැවැත්වුණු මැතිවරණය සම්බන්ධයෙන් පවතින චෝදනාවන් පිළිබඳව කරුණු දක්වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉල්ලා තිබේ.

පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ නිර්මාතෘ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිට ලිපියක් නිකුත් කරමින් කියා තිබුණේ, IMF, EU සහ අනෙකුත් සංවිධානවල ප්‍රඥප්තියට අනුව ඔවුන්ට ක්‍රියාත්මක වීමට හෝ රටකට ණය ලබා දිය හැක්කේ යහපාලනයක් තිබේ නම් පමණක් වන බැවින්, පකිස්ථානයට ණය ලබාදීමට ප්‍රථම මැතිවරණ පිළිබඳ විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා තිබේ.

පකිස්ථානය පසුගිය වසරේ IMF සමඟ ඩොලර් බිලියන 3ක් වෙනුවෙන් මාස නවයක පොරොත්තු ගිවිසුමක් අත්සන් කළ අතර එය ලබන මස මුලදී අවසන් වේ. නවාස් ශරිෆ්හා බිලවල් බුතොගේ සහයෝගයෙන් නව රජයක් ලබන සතියේ දියුරුම් දීමට සුදානම් වන අතර IMFසමඟ දිගුකාලින සැලැස්මක් සුරක්ෂිත කිරීම මීළඟ ආණ්ඩුවේ ප්‍රමුඛතාවයක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...