ඊයේ (23) සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලික ව වසා දැමේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි , කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලික ව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ ඒකකය වසා දැමීමට පියවර ගෙන ඇත්තේ, ගත වූ දින කිහිපය තුළ එම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගින් කිහිප දෙනෙකු මිය යාම සැලකිල්ලට ගනිමින් බව සඳහන් වේ.

මාසයක පමණ කාලය තුළ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති අතර, විෂබීජ ආසාධනයක් හෝ රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය හෝ උපකරණවල ගැටලුවක් මෙම තත්ත්වයට හේතු වී ඇති ද යන්න සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදු කර තිබුණ ද එහි දී නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව තොරතුරු වාර්තා වේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, මේ වන විට ඊට අදාළ කණ්ඩායමක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය යථා තත්ත්වයට පත් කරන තුරු ඊට යොමු කෙරෙන රෝගින් වෙනත් රෝහල් වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව වැඩිදුරටත් තොරතුරු සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...