රෂිකා හෙන්නායක පෙබරවාරි 25, කොළඹ (LNW):
බීමත්ව රිය පැදවීම හේතුවෙන් පාසල් සිසුන් ප්‍රවාහන පෞද්ගලික බස් රථයක රියදුරෙක් සහ එම බස් රථය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී, කුලියාපිටිය ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක රියදුරු බීමතින් කුලියාපිටිය නගරයේ පාසලක සිට ඒ ආසන්නයේ පිහිටි තවත් පාසල් කිහිපයකට ළමයින් ප්‍රවාහනය කර තිබෙන අතර, . එම අවස්ථාවේ ඔහු අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදීම හේතුවෙන් පොලීසිය ඔහු පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව හෙළිවී ඇත්තේ එම රියදුරු බීමතින් පාසල් දරුවන් ප්‍රවාහනය කර ඇති බවයි. පසුව රියදුරු අත්අඩංගුවට ගත් පොලීසිය බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
එම බස් රථයේ සිටි පාසල් දරුවන් පෞද්ගලික වාහන මගින් නිවෙස් වෙත යැවීමට කුලියාපිටිය පොලීසිය කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් 37 හැවිරිදි රියදුරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුර වාර්තා වේ.