ආසාවටවත් ප්ලේන් එකක ගිහින් නැති මිනිස්සුත් එයාර් ලංකා එකේ ණය ගෙවන හැටි මෙන්න!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ගුවන් සේවයට අදාළ වංචා දූෂණ ගැන පසුගිය කාලය පුරාම වරින් වර අහන්න ලැබුණු පුවතකි. ඒ අනුව මේ දිනවල පැවැත්වෙන අයවැය විවාදයේදී ද මෙම කාරණය මතුව තිබෙන අතර පාඩු ලබා ආයතනයක් ලෙස දැක්වුවද එය තවදුරටත් රජයේ ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාමට වත්මන් රජය තීරණය කර තිබේ.

ඒ අනුව විපක්ෂයේ ප්‍රශ්න කිරීම වුණේ එම පාඩුව රජයේ භාණ්ඩාගාරය විසින් දරනවාද යන්නයි.

කෙසේවෙතත් එයාර් ලංකා ආයතනය පවත්වාගෙන යාමේදී ඊට එල්ල වූ දේශපාලන බලපෑම්,ආයතනය දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයට රහසක් නොවුණත් එය දැන් රටට බරක් වෙන තැනට පත්කර තිබෙන ආකාරය පාර්ලිමේන්තුවේදී මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පෙන්වාදෙන ලදී.

”ශ්‍රී ලංකා ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව 22 ක්. නමුත් මේ යානා 22න් තුනක් වසර ගණනාවක් තිස්සේ පාවිච්චියට නොගෙන තිබියදී ඒවාට අවශ්‍ය වාරික ගෙවමින් ඉඳල තිබෙනවා. මසකට ඩොලර් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක්. එම ආයතනය විසින් ක්‍රියාත්මක කරන ගමනාන්ත පිලිබඳ විස්තරයක් ඇමුණුම එකෙහි සඳහන් කර තිබෙනවා. දැනට සේවක සංඛ්‍යාව ප්‍රධාන ගුවන් සේවයට අදාළව සේවක සංඛ්‍යාව 3194ක් සහ අදාළ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල 2862ක් විදිහට එකතුව 6056යි……අයවැයෙන් බිලියන 20 තියෙන්නේ පහුගිය කාලයේදී දේශීය වශයෙන් විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ නම ගිය වංචා දුෂණවලට මේ යතනය සම්බන්ධ වෙලා තියෙනවා. ජාත්‍යන්තර අධිකරණයේ තියෙනවා කමිෂන් අරගෙන ප්ලේන් ගන්න ගිය නඩු තවම තියෙනවා. රට මතට පටවල තියෙන බර වංචාව, දුෂණය නිසා. එයාර් ලයින් එකට ප්ලේන් ගන්න කොට මාර්කට් එකේ තියෙන රේට් එකට වඩා අතිශය වැඩි මුදලකට් තමයි ලිසිං වලට ප්ලේන් අරන් තියෙන්නේ. රටට දරාගන්න බරි බරක් ආයතනට පටවල තියෙන්නේ. ආයතනය දේශපාලනීකරණය කරලා දේශපාලනය මැදිහත් වෙලා. අපි හදුන්ව දීලා තියෙනවා පස් අවුරුදු සැලස්මක්.2025 සිට 2030 දක්වා ආයතනයේ ඔපරේටින්ග්වලට මුදල් ලබා දෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ එක ආයතන විසින් කර ගන්න ඕනේ. නමුත් පසුගිය පව් ඒ ආයතනය පිටට පටවලා තියෙන්නේ. මේ වෙඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ජාවලටත් සූදානම් වෙනවා.” යනුවෙන් සූරියප්පෙරුම මහතා පෙන්වාදුන්නේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...