කෙඳිරිගාන්න එපා.ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට දෙන්න!(VIDEO)

Date:

කොළඹ LNW:රජයේ මැති ඇමතිවරු කියන ආකාරටය තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂවරුනම් තවත් ඔය පුටුවල නොසිට රාජපක්ෂවරුන්ටම භාර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

රටේ ආරක්ෂක ඇමතිකම මාසයකට ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙන ලෙසත් පවතින ප්‍රශ්න සියල්ල ඔහු විසඳා දෙනු ඇති බවත් ගමගේ මහතා කියාසිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පරිණත නයකයෙක් මෙන්ම ආරක්ෂක ලේකම් ලෙස දක්ෂ අයුරින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ නායකයෙක් බවයි ඔහු පැවසුවේ.

සිදුවෙමින් තිබෙන ඝාතන සිද්ධීන් රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැරකරන්නේ නම් ජනතාව තුනෙන් දෙකක බලයක් දී මාලිමා ආණ්ඩුවක් පත්කළේ ඇයිද යන්න මනෝජ් ගමගේ මහතා ප්‍රශ්න කරන ලදී.

ජනතාව රාජපක්ෂවරු ගෙදර යවා තුනෙන් දෙකක බලයක් දී ඇති මොහොතක තවදුරටත් කෙඳිරිනොගා කටයුතු කරන ලෙස ඔහු අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...