Home විදෙස් ඇමරිකානු ජනපතිගේ චීන සංචාරය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

ඇමරිකානු ජනපතිගේ චීන සංචාරය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්!

0
4

කොළඹ LNW:ඇමරිකානු ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධව චීනය හා ඇමරිකාව සම්බන්ධීකරණයක් පවත්වමින් සිටින බව චීනය පවසයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මාර්තු මස අවසානයේ හෝ අප්‍රේල් මස මුලදී චීන සංචාරයක නිරත වනු ඇති බව ඇමරිකානු පාර්ශ්වය පවසා තිබේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය ඊයේ (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් දැක්වුවාය.

දෙරට රාජ්‍ය නායකයන් අතර පවතින රාජ්‍යතාන්ත්‍රිකත්වය දෙරට සම්බන්ධතා සඳහා තීරණාත්මක උපාය මාර්ගික මගපෙන්වීමක් වන බව ඇය එහිදී කියාසිටියාය.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධව චීනය හා ඇමරිකාව සම්බන්ධීකරණයක් පවත්වමින් සිටින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

දිනූෂි ධීරසිංහ