රෂිකා හෙන්නායක පෙබරවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ සිදුවූ දරුණු ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට හමුදා පාලනය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය ගම්මානයක වෙළඳපොළක් ඉලක්ක කර ඇති අතර, ඉන් තවත් පුද්ගලයන් රැසක් බරපතල තුවාල ලබා ඇත.
2021 වසරේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරය පුරා හටගෙන ඇති සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටිති.
විශේෂයෙන්ම ආරකන් හමුදාව වැනි සන්නද්ධ කණ්ඩායම් සහ මියන්මාර හමුදාව අතර පවතින ගැටුම් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව දැඩි අවදානමකට ලක්ව තිබේ.
ජාත්‍යන්තරය මෙම ගැටුම්කාරී තත්ත්වය විවේචනය කරන අතරතුර, එරට පවතින දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතී.
මියන්මාරයේ හමුදා පාලනය යටතේ පවතින බියකරු සහ අමානුෂික වාතාවරණය මින් වඩාත් පිළිබිඹු වේ.


