ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට මොරටුවෙන් සහ වාරියපොළෙන් අලුත් මුහුණු

Date:

නවසීලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇති අතර එම කණ්ඩායමට නිශාන් මෂුශ්ක සහ මිලාන් රත්නායක එක්ව සිටිනවා.මොරටු විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස නිශාන් මධුශ්ක ගෙවුණු එංගලන්ත ලයනස් කණ්ඩායමට එරෙහිව තරගාවලියේදී කැපී පෙණුන දසක්ම දැක් වූ පිතිකරුවා වන අතර 23 හැවිරිදි ඔහු සිට ක්‍රිකට් ජීවිතයේ ගෙවුණු කාලය තුළ දීර්ඝ ඉණිම් ගොඩ නැගීමට සමතෙකු බව පෙන්වා තිබෙනවා.

මිලාන් රත්නායක නවසීලන්ත තණතීරු තුළ වේග පන්දුවට ඇති සමීපත්වය සළකා කණ්ඩායමට එක් කර ඇති අතර ඔහු 26 හැවිරිදි වියේ පසුවන වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ අයෙක්.බොහෝ දුෂ්කර කඩ ඉම් පසු කරමින් ක්‍රිකට් ජිවිතයේ ජාතික කණ්ඩායම සඳහා පිවිසීමට ඉවසා සිටින්නට සිඳු වූ ක්‍රීඩකයෙක් සේ මිලාන් හැඳින්විය හැකියි.

නම් කර තිබෙන 17 දෙනෙක්ගෙන් යුතු ටෙස්ට් සංචිතයට වේග පන්දු යවන්නන් හය දෙනෙක් කැඳවා තිබෙනවා.කසුන් රාජිත,චාමික කරුණාරත්න,ලහිරු කුමාර,අසිත ප්‍රනාන්දු,විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක එම හයදෙනායි.කඩුලු රැකිමේ හැකියාව ඇති ක්‍රීඩකයින් ලෙස මෙම සංචිතයට කුසල් මෙණ්ඩිස්,දිනේෂ් චන්දිමාල්,නිශාන් මධුශ්ක සහ නිරෝෂන් දික්වැල්ල එක් වි සිටිනවා.

ප්‍රභාත් ජයසූරිය,රමේෂ් මෙණ්ඩිස් සහ පිතිකරණයේ දී ද කැපී පෙනෙන කමිඳු මෙණ්ඩිස් සහ ධනංජය ද සිල්වාත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කරනවා.නායක දිමුත් කරුණාරත්න,ඇන්ජලෝ මැතිව්ස්,ඔසඳ ප්‍රනාන්දු ද මේ කණ්ඩායමට එක්ව තිබෙන අතර ඒ අතරින් ද අවශ්‍යය මොහොතක ශාරිරික යෝග්‍යතාවය මත පන්දු යැවීමේ හැකියාව ඇන්ජලෝ මැතිවිස් වෙත ද තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පූර්ව සූදානමක් ලෙස සතියකට ආසන්න කාලයක් කණ්ඩායම රඳැල්ලේ පුහුණුවට යොඳවා තිබුණ අතර එය ඉදිරි විදේශ සංචාර සඳහා කෙතරම් වැදගත් ද යන්න බව මේ සංචාරයේ ප්‍රතිපල හරහා දැක ගත හැකියි.රටේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ආර්ථිකයට ඉතා වැදගත් තැනක් වන රඳැල්ල පිටිය නැවත ක්‍රිකට් කරා එකත් කිරීමට ක්‍රිකට් ආයතනය ගත් තීරණයේ වැදගත්කම මේ සංචාරයට පමණක් නොව අනාගතයට ද අතිශයින් වැදගත් වනු ඇත.

ටෙස්ට් තරග දෙකක්,එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක්ද ඇතුළත් වෙන මසකට අධික කාලයක් ශ්‍රී ලංකාව සහ එංගල්තය අතර ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන මේ තරගාවලියේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් ඉදිරියේ දි නම් කිරිමට නියමිතව තිබෙනවා.

මාර්තු 4 සහ 5 දෙදින තුළ පැවත්වීමට නියමිත පුහුණු තරගයකින් ඉනික්බිතිව ආරම්භ වීමට නියමිත තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ක්‍රයිස්චර්ච් හී දී මාර්තු 9 සිට 13 දක්වා ආරම්භ කිරීමට නියමිතයි.දෙවන ටෙස්ට් තරගය සඳහා දින යෙදී ඇත්තේ මාර්තු 17 – 12 දක්වා කාලය තුළයි.එය වෙලිංග්ටන් හී දී පැවත්වෙනවා.මාර්තු 15,28 සහ 31 යන දිනයන්හී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග පැවත්වීමට නියමිත අතර එම තරග පිළිවෙළින් ඕක්ලන්ඩ්,ක්‍රයිස්චර්ච් සහ හැමිල්ටන් හී ද පැවත්වීමට නියමිතව තිබෙනවා.
විස්සයි විස්ස තරග තුන පිළිවෙලින් ඕක්ලන්ඩ්.ඩනේඩින් සහ ක්වීන්ස්ටවුන් හී පැවත්වීමට නියමිතයි.එම තරග අප්‍රේල් 2,5 සහ 8 යන දිනවල පැවත්වීමට නියමිතයි.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...