*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ලංකාවට පරාජය වුණ දකුණු අප්‍රිකාව අවසාන තරගයට

ක්‍රිකට් හී අපූර්වත්වය මැනවින් විඳහා පෙනවමින් පළමු වටයේ සියලුම තරග ජය ගනිමින් අපරාජිතව අවසාන පූර්ව වටයට පිවිසි එංගලන්තය,අවසාන පූර්ව තරගයේදි සත්කාරක දකුණු අප්‍රිකාව වෙතින් ලකුණු හයක පරාජයක් ලැබුවා.දකුණු අප්‍රිකාව අවසාන පූර්ව වටයට පිවිසියේ ලකුණු ලැබිමේ වේගය මතයි.ඔවුන් නියෝජනය කළ කාණ්ඩයේ තරග දෙක බැඟින් ජය ගෙන ඔවුන් සමඟ සම ජයග්‍රහණ ලැබූ කණ්ඩායම් තුනක් සිටි අතර ඔවුන්,නවසීලන්තය සහ ශ්‍රී ලංකාව එම කණ්ඩායම් තුනයි.නමුත් ඔවුන් මුහුණ දුන් අවසාන තරගයේදී බංගලාදේශයට එරෙහිව ඉහළ ලකුණු වේගයක් පවත්වා ගනමින් කඩුලු 10 ක ජයක් ලබා ලකුණු ලබා ගැනිමේ වේගය මත අවසාන තරගයට අවතීර්ණ වුණා.ඒ අනුව අවසාන තරගයට ශ්‍රී ලංකාව පළමු වටයේ මුහුණ දී පරාජය කළ දකුණු අප්‍රිකාව මෙන්ම එම කණ්ඩයේම සිටි ශ්‍රී ලංකාව පරාජය වුණ ඕස්ට්‍රේලියාව ද පිවිස තිබෙනවා.


එංගලන්තය සහ දකුණු අප්‍රිකාව තඅර පැවති අවසන් පූර්ව තරගයේදි කාසියේ වාසිය ගෙන පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් පන්දු ඕවර් 13.4 ක් තුළ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් එක් කළ ලෝරා වොලවාර්ඩ් (53) සහ ටෂ්මින් බ්‍රිට්ස් (68) විශාල ලකුණු පුූවරුවකට පදනම සකස් කළා.ඒ තත්ත්වය ආරක්ෂා කර ගන්නට පසුව පැමිණි පිතිකාරිණියන් අසමත් වුවත් නොදැවී ඉතා වේගවත් ලකුණු 27 ක් පන්දු 13 න් ලැබූ මරිෂානේ කේප් පන්දු ඕවර් 20 නිමාවන විට දකුණු අප්‍රිකානු ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 164 දක්වා ඔසවා තැබුවා.දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ගේ වේගවත් ප්‍රහාර හමුවේ පරිස්සම් වූ එකම පන්දු යවන්නිය බවට පත් වූ සොෆී ඉක්ලෙස්ටෝන් පන්දු ඕවර් 4 තුළ ලකුණු 22 ට දැවී ගිය කඩුලු 4 න් තුනකම හිමිකාරිය වන්නට සමත් වුණා.

එංගලන්තයේ ආරම්භය දැඩි ප්‍රවේගකාරී එකක් වුණ අතර පන්දු ඕවර් පහ නිමාවෙන විට ඔවුන් ලකුණු 50 සීමාව පසු කරා.ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 53 දී බිදවැටුණ අතර ඉන් අනතුරුව එංගන්ත පිතිකාරිණියන් වෙත තර්ජනය එල්ල වන්නට ගත්තා.නමුත් නැට් ස්කිවර් බ්‍රන්ට් පන්දු 34 න් ලකුණු 40 ක් ගෙන එංගලන්තය දෙසට තරගය හරවා ගැනිමට දැඩි උත්සාහයක් ගත්ත ද,ඇයට එය තනිව කළ නොහැකි දෙයක් බව පසක් කරමින් මේ තරගයේ නොනිල වීරවරිය බවට පත් වෙමින් අයාබොන්ගා කාකා ලකුණු 29 ට කඩුලු හතරක් දවා ගත්තා.තරගයේ වීරයාගේ කුසලානය හිමි වූයේ අගනා ලකුණු 68 ක් සමඟ වටිනා උඩ පන්දු හතරක් සුරැකිව රැකගත් ටෂ්මින් බ්‍රිට්ෂ් ටයි.මේ සියල්ල එකතු වූ පසු, ජය පෙනෙන මානයට ආවද පන්දු ඕවර් 20 නිමාවන විට එංගලන්තය කඩුලු 8 ලකුණු 158 ක් ලබමින් දකුණු අප්‍රිකාවට වඩා ලකුණු හයක් පසුපසින් සිටියා.
ලකුණු සටහන

https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-2022-23-1338037/south-africa-women-vs-england-women-2nd-semi-final-1338061/full-scorecard


නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan